Funding for 'IT Lab' Project, Phase 1: Progress of sticker sales. Purchase a sticker to help us reach our target.Updated: 2010-02-28 11:53
10.7%
වර්ඩ්ප්‍රෙස් ස්ථාපනය කරන හැටි
 


by
Malinthe Samarakoon



වර්ඩ්ප්‍රෙස් ස්ථාපනය කරන හැටි

වර්ඩ්ප්රෙස් යනු නොමිලේ නිකුත් කෙරෙන විවෘත කේත බ්ලොග් ප්රකාශන වැඩසටහනකි. php භාවිතයෙන් නිර්මාණය කර ඇති මෙය ලොව පුරා භාවිතා කෙරෙන අතර එය භාවිතයේ ඇති පහසුව නිසා වඩාත් ප්රසිද්ධ වී ඇත.

wordpress.com මගින් සර්වර ආදිය මිලට ගැනීමට හැකියාවක් නොමැති පරිශීලකයන් සඳහා බ්ලොග් සකසා දීමේ සේවාවක් ක්රියාත්මක වන අතර wordpress.org මගින් ඕනෑම අයෙකුට මෘදුකාංගය ලබාගෙන තමන්ගේම සර්වරයක ස්ථාපනය කරගනිමින් භාවිතා කිරීමේ හැකියාව ලැබේ.

බ්ලොග්කරණ කටයුතු සඳහා මූලික වශයෙන්ම යොදා ගැනුණත් වර්ඩ්ප්රෙස් සඳහා පමණක්ම සීමා නොවේ. දැන් දැන් බොහෝ පරිශීලකයන් මෙය CMS මෘදුකාංගයක් වශයෙන් (Content Management System) යොදාගැනීමට පෙළඹී ඇත. මීට ප්රධාන වශයෙන්ම හේතු විය හැක්කේ වර්ඩ්ප්රෙස් භාවිතා කිරීමේ පහසුවයි. වර්ඩ්ප්රෙස් ස්ථාපනය කිරීමේ සිට, වින්යාසගතකිරීම, තේමා සැකසීම ආදී සියලු කටයුතු ඉතා පහසුවෙන් කරගත හැකි නිසා වර්ඩ්ප්රෙස් භාවිතයට බොහෝ දෙනා කැමැත්තක් දක්වයි. වර්ඩ්ප්රෙස් දැන් සිංහල බසින්ද ලබාගැනීමේ හැකියාව ඇත. එහි අතුරුමුහුණත සම්පූර්ණයෙන් නිමවා ඇත්තේ සිංහල බසිනි.

අප පළමු ලිපියෙන් දක්වන්නට සූදානම් වන්නේ ඔබේම පරිගණකයේ වර්ඩ්ප්රෙස් ස්ථාපනය කරගන්නා ආකාරයයි. සෑම පරිශීලකයෙකුටම තමන්ගේම වෙබ් සර්වර නොමැති නිසා තමන්ගේම පරිගණකයේ අවශ් ස්ථාපන කටයුතු කරගැනීම සංවර්ධන ක්රියාවලියේදී පහසුවක් වේ. උදාහරණයක් ලෙස වර්ඩ්ප්රෙස් සඳහා තේමාවක් නිර්මාණය කරන්නේ නම් එය සර්වරයකට අප්ලෝඩ් කරමින් සිදුකිරීමට වඩා එය තමන්ගේම පරිගණකයේම නිර්මාණය කරගැනීම වඩා පහසුය.

පළමු ලිපියෙන් වර්ඩ්ප්රෙස් ස්ථාපනය කරන ආකාරය අපි දැන් වර්ඩ්ප්රෙස් ඔබේම පරිගණකයේ ස්ථාපනය කරන ආකාරය බලමු. මේ සඳහා මුලින්ම ඔබ සර්වරයක් ස්ථාපනය කළ යුතුයි. මේ සඳහා අප භාවිතා කරන්නේ XAMPP. මෙය භාවිතයට ඉතා පහසු, සාමාන්‍ය වැඩතටයුතු සඳහා ප්රමාණවත් සර්වර පැකේජයක්. XAMPP බොහෝ විට භාවිතා කරන්නේ සංවර්ධන කටුයුතු සඳහායි.

XAMPP ලබාගැනීම සඳහා http://www.apachefriends.org/en/xampp.html වෙත යන්න. මෙතැනින් ඔබේ මෙහෙයුම් පද්ධතියට ගැළපෙන පැකේජය තෝරාගන්න. අප මෙහිදී භාවිතා කරන්නේ වින්ඩෝස් නිසා XAMPP Windows 1.7.0 ලබාගත යුතුයි. මෙයා මෙගාබයිට් 39 පමණ exe ගොනුවක්.

 

                                             

http://www.apachefriends.org/download.php?xampp-win32-1.7.0-installer.exe

ලබාගැනීමෙන් අනතුරුව මත දෙවරක් ක්ලික් කරන්න. ඉන්පසු දක්වා ඇති පියවර අනුව ස්ථාපනය සම්පූර්ණ කරන්න.

ස්ථාපනය කිරීමෙන් අනතුරුව XAMPP ඇරඹිය යුතුයි. මේ සඳහා Start මෙනුවේ සියලු වැඩසටහන් වල ඇති Apache Friends -> XAMPP -> XAMPP Control Panel මත ක්ලික් කරන්න. එහිදී විවෘත වන පාලක පැනලයේ Apache සහ MySql ඉදිරියෙන් ඇති Start බොත්තම් ඔබන්න.

 

                                                

ඉන්පසු ඔබේ ප්රියතම වෙබ් බ්රවුසරය විවෘත කරන්න. (Firefox, Chrome, IE ආදී) දැන් එහි ලිපින තීරුවේ localhost යන්න සටහන් කර එන්ටර් කරන්න. එවිට එමගින් http://localhost/xampp විවෘත කෙරෙනු ඇති. සුභපැතුම්, XAMPP සාර්ථකව ස්ථාපනය වි ඇත.

                                                 

දැන් මුරපද සැකසීමට වේලාවයි. දැන් XAMPP පාලක පැනලයේ Security මත ක්ලික් කරන්න. ඉන්පසු එහි තිබෙන http://localhost/security/xamppsecurity.php සබැඳුම මත ක්ලික් කරන්න. එහි MySQL Superuser සඳහා සුදුසු මුරපදයක් ඇතුළත් කරන්න.

මින්පසු MySQL දත්තගබඩාවක් සැකසිය යුතුයි. වර්ඩ්ප්රෙස් හි බොහෝ සැකසුම්, ලිපි, ප්රතිචාර, ටැග ආදී විවිධ දෑ ගබඩා වන්නේ මේ දත්තගබඩාව තුළයි.

මේ සඳහා වෙබ් බ්රවුසරයෙන් http://localhost/xampp මගින් XAMPP පාලක පැනලය වෙත ගොස් phpMyAdmin මත ක්ලික් කරන්න. එහිදී පරිශීලක නාමය වශයෙන් root , මුරපදය සඳහා ඔබ කලින් සටහන් කළ මුරපදයද යොදා පිවිසෙන්න.

 

                                        

මෙතැනදී ඔබට නව දත්තගබඩාවක් සැකසිය හැකියි. ඒ සඳහා Create new database හි ඔබට කැමති නමක් යොදා Create මත ක්ලික් කරන්න. දැන් ඔබේ දත්තගබඩාව සූදානම්. දැන් කරන්නට ඇත්තේ වර්ඩ්ප්රෙස් ස්ථාපනය කිරීමයි.

                                                      

 

වර්ඩ්ප්රෙස් ලබාගැනීම සඳහා http://wordpress.org/download වෙත යන්න. එහි Download WordPress මත ක්ලික් කර ගොනුව ලබාගන්න. ඔබට අවශ් නම් සහ ඔබගේ පරිගණකයේ සිංහල යුනිකෝඩ් ක්රියාත්මක වන්නේ නම් ඔබට ‍වර්ඩ්ප්රෙස් හි සිංහල අනුවාදයද ලබාගත හැකියි. මේ සඳහා http://si.wordpress.org වෙත පිවිසෙන්න.

                                        

දැන් ඔබේ පරිගණකයේ c:\xampp\htdocs වෙත පිවිසෙන්න. එහි නව ෆෝල්ඩරයක් සාදන්න. (උදා: myblog) තුළට ඔබ ලබාගත් zip ගොනුවේ ඇති wordpress ෆෝල්ඩරයේ සියලු ගොනු extract කරන්න. මේ සඳහා වින්ඩෝස් හි Zip Extract කිරිම හෝ WinRAR වැනි මෘදුකාංගයක් භාවිතා කළ හැකියි.

                                                   

දැන් ඔබ පිටපත් කරගත් ගොනු වල ඇති wp-config-sample.php යන ගොනුවේ පිටපතක් ලබාගන්න. (Ctrl+C, Ctrl+P) ඉන්පසු එය wp-config.php ලෙස නැවත නම් කරන්න.

                                                                            

දැන් එය notepad මගින් විවෘත කරන්න. ඒ සඳහා මත රයිට් ක්ලික් කර Open with -> Notepad භාවිතා කළ හැකියි.

                                                        

දැන් ඔබ කළ යුත්තේ ඔබේ දත්තගබඩාවේ තොරතුරු මෙහි පිරවීමයි.

මුලින්ම ඔබේ දත්තගබඩාවේ නාමය මෙහි සටහන් කරන්න. මෙහි දත්තගබඩා නාමය සටහන් කළ යුත්තේ putyourdbname වෙතයි. නම යෙදූ විට එය දිස්විය යුත්තේ define('DB_NAME', 'myblog'); වශයෙන්. ඉන්පසුව පිළිවෙලින් MySQL පරිශීලක නාමය වන root , ඔබ යෙදූ මුරපදයද සටහන් කරන්න. ඉන්පසු එය සුරැකීමෙන් අනතුරුව වසාදමන්න.

දැන් අපහසු වැඩකටයුතු අවසන්. දැන් කරන්නට ඇත්තේ වර්ඩ්ප්රෙස් ස්ථාපනයයි. මේ සඳහා ඔබේ බ්රවුසරයෙන් http://localhost/myblog යන්න සටහන් කරන්න. (මේ සඳහා ඔබ htdocs ෆෝල්ඩරයේ සෑදූ ෆෝල්ඩරයේ නම යොදන්න.) මෙතැනදී ඔබට දත්තගබඩා දෝෂයක් ලැබෙන්නේ නම් ඔබ wp-config.php ගොනුවේ සටහන් කර ඇති තොරතුරු වැරදි විය හැකියි.

දැන් ඔබේ බ්ලොග් නාමය සහ ඊමේල් ලිපිනය සටහන් කරන්න. ඉන්පසු Install WordPress මත ක්ලික් කරන්න. දැන් ඔබට ඔබේ මුරපදය ලැබෙනු ඇත. මෙය පිටපත් කරගන්න. ඉන්පසු Login මත ක්ලික් කරන්න. මෙහි username සඳහා admin , මුරපදය සඳහා ඔබට කලින් ලැබුණු මුරපදයද සටහන් කරන්න. ඉන්පසු Log In මත නැවත ක්ලික් කරන්න. ඔබව වර්ඩ්ප්රෙස් පාලක පැනලය වෙත යැවෙනු ඇත.

                                                      

සුභපැතුම්! ඔබ වර්ඩ්ප්රෙස් සාර්ථකව ස්ථාපනය කර අවසන්!

දැන් ඔබ http://localhost/myblog වෙත පිවිසි විට ඔබේ බ්ලොග් අඩවිය නැරඹිය හැකියි.

                                                         



Share/Save
No votes yet

Post new comment

  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Allowed HTML tags: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Lines and paragraphs break automatically.

More information about formatting options