Funding for 'IT Lab' Project, Phase 1: Progress of sticker sales. Purchase a sticker to help us reach our target.Updated: 2010-02-28 11:53
10.7%
අපි සිංහලෙන් වැඩ කරමු


by Wajira Somarathne



Microsoft Office
සමඟ සිංහල

“අපි සිංහලෙන් වැඩකරමු ” ලිපි පෙල (02)

“අපි සිංහලෙන් වැඩකරමු ” ලිපි පෙලේ පළමු ලිපියට ඉතා හොඳ ප්‍රතිචාර ලැබී තිබුණා. ඒ මගින් අප වෙත හැ‍ඟෙන්නේ දැන් දැන් පරිගණකයෙන් සිංහලෙන් වැඩකරීම පිළිබඳව  අපේ පරිගණක භාවිත කරන්නන් තුල දැඩි ඕනෑකමක් පවතින බවයි. ඉතින් අද අපි තවත් “සිංහල වැඩ - කිඩ” ටිකක් සොයා බලමු.

මෙම ලිපියෙන් අපි වඩාත් අවධානය යොමු කරන්නේ Microsoft Office මෘදුකාංගය හරහා වැඩ කිරීමේදී සිංහල බසින් වැඩ කිරීමට සලසා ඇති පහසුකම් කීපයක් පිළිබඳවයි.  මෙම මුල් උදාහරණ Microsoft Office word 2007 මෘදුකිංගය මූලික කරගෙන සාකච්ඡා කරන අතර Microsoft Office මෘදුකාංග කට්ටලයේ excel, power point වැනි අනෙකුත් මෘදුකාංග හරහාද මේ ආකාරයට වැඩ කරගෙන යාමට හැකියාව ඇත.


Microsoft Office word මගින් සිංහලෙන් ලිපියක් ලියමු.

මෙම මෘදුකාංගය හරහා සිංහල බසින් යුනිකෝඩ් අකුරු භාවිතාකර ඉතා පහසුවෙන් ඕනෑම ලේඛණයක් යතුරු ලියනය කළ හැකි බව ඔබ දැන් දන්නවා (පළමු ලිපිය). සිංහලෙන් යතුරු ලියනයට අමතරව ලිපියක් ලිවීමේදී සැලසෙන තවත් පහසුකම් කීපයක් හදුනාගත හැකියි.


පරිගණකයේ දිනය ලිපියට ඇතුලත් කිරීම:


මේ සඳහා ඔබේ පරිගණකයේ “Regional Settings ” යටතේ “Formats” සිංහල (ශ්‍රී ලංකා) ලෙස සකස් කර තිබිය යුතුයි. අපි දැන් බලමු අපේ ලිපියට දිනය ඇතුල් කරගන්නේ කෙසේද කියා. ඉංග්‍රීසි බසින් වැඩ කරගෙන යන පිළිවෙලම මෙහිදීද අනුගමනය කළ හැකියි.

පියවර 01: ඔබට දිනය අතුලත් කළ යුතු ස්ථානයට කර්සර් එක ගෙන යන්න.

පියවර 02: දැන් ප්‍රධාන මෙනුවේ “INSERT” මෙනුව තෝරාගන්න. 

පියවර 03: දැන් “Date&Time මෙනුව තෝරාගන්න.


Figure 1: Date&Time මෙනුව


පියවර 04: දැන් ඔබට දිනය දැතුලත් කළ යුතු ආකාරය විමසන සංවාද වින්ඩොවක් දැකගත හැකි වේවි.








Figure 2: සංවාද වින්ඩොව

















පියවර 05: දැන් මෙමගින් ඔබට දිනය පෙන්විය යුතු ආකාරය තෝරාගත්විට අදාල දිනය අපගේ ලිපියට ඇතුලත් වෙයි.

උදා:  2009 පෙබරවාරි මස 26 වැනිදා බ්‍රහස්පතින්දා

මෙහිදී “Update automatically” තෝරා ඇති විටෙක අදාල දිනය දිනපතා යාවත්කාලීන වීම සිදුවේ.

 

සිංහල ලේඛණයක පටුන ඇතුලත් කිරීම:

අප යතුරු ලියනය කරන්නේ පොතක් වැනි පිටු රැසක් ඇති ලිපියක් නම් අප විසින් “පටුන” පිටුවක් ඇතුලත් කිරීම අපේ සිරිතයි. එයද හරිම පහසුයි. අපි ඉංග්‍රීසි බසින් වැඩ කරද්දී කරන පිලිවෙලම මෙහිදීද අනුගමනය කළ හැකියි.


පියවර 01:



ලිපිය ලිවීමේදී අදාල රටා (styles) ඔබගේ ලිපියට ඇතුලත් කර තිබිය යුතුයි. ප්‍රධාන මාතෘකාව, උප මාතෘකාව, අනු මාතෘකාව ආදී වශයෙන් styles ලබා දෙන්න. මේ සඳහා අදාල මාතෘකාව (හෝ වාක්‍ය කණ්ඩය) තෝරා කෝරා styles යටතේ apply styles හරහා ලැබෙන වින්ඩොව හරහා Heading 1, Heading 2 ආදී වශයෙන් styles ලබා දෙන්න.



   


Figure 3
: apply styles වින්ඩොව



පියවර 02:

දැන් “References”  මෙනුවේ ඇති “Table of Content” තෝරා ගන්න. 





  Figure 4: References”  මෙනුව






පියවර 03:

දැන් “References”  මෙනුවේ ඇති “Table of Content” තෝරා ගන්න. එහිදී පෙර සැකසූ ආකාරයකට හෝ ඔබට අවශ්‍ය ආකාරයකට මෙම “පටුන” ඔබේ ලිපියට ඇතුලත් කර ගත හැකියි. මෙහිදී ඇති විශේෂත්වය නම් ඔබ සිංහල බසින් යතුරු ලියනය කර ඇති කලෙක “පටුන” සිංහල බසින්ම දිස් වීමයි.  



Figure 5: “References”  මෙනුවේ ඇති “Table of Content”



උදාහරණයක් ලෙස පහත “පටුන” සලකා බලන්න.

මේ ආකාරයෙන් පිටු සැකැසුම ඇතුලත් කළ විට අප වෙත තවත් වාසි ගනනාවක්ම තිබේ.

ලිපියක් කීප දෙනෙකුට යැවීම හෙවත් Mail Mergeකිරීම:




Microsoft Office Word හරහා ලැබෙන බොහෝ ප්‍රයෝජනවත් පහසුකමක් ලෙස Mail Merge හඳුන්වන්නට පුළුවන්. මීට පෙර සිංහල යුනිකේත අකුරුවලින් තොරව මේ පහසුකම සිංහලෙන් ලබාගන්නට අපිට බැරිඋණා. නමුත් සිංහල යුනිකේත අකුරු භාවිතය තුලින් මෙම පහසුකම ඉතා සරලව ලබා ගත හැකියි.

උදාහරණයක් ලෙස “2009 වසරට 1 ශ්‍රේණිය සහා සිසුන් බවා ගැනීම” ලිපිය Mail Merge කර ඇති පියවර සලකා බලමු.

පියවර 01:

Mailings යටතේ ඇති “Start Mail Merge තෝරා ගන්න. එමගින් පියවරෙන් පියවර ලිපිය සකසන්නට ඔබට පුළුවන්. ලැබෙන වින්ඩෝවෙන් “letters තෝරාගන්න.







පියවර 03:

පිය‍වරෙන් පියවරට අදාල තේරීම් හරහා ලිපිය ලබන්නන්ගේ විස්තරද ඇතුල් කරන්න. ඉන් පසු ලිපිය ලිවීමේදී “Insert merge fields හරහා එකිනෙකට වෙනස් වන විචල්‍යයන්ගේ හඳුනාගැනීමේ නම ඇතුලත් කරන්න.

උදා:


 


පියවර 04:

එය ලිපියට ඇතුලුකළ විට මේ ආකාරයෙන් දිස් වේවි.




පියවර 05:






දැන් ඔබ ලිපිය සකසා අවසන්. දැන් ඔබට ඇත්තේ ලිපි සියල්ල සැකසීදැයි බැලීමයි. ඒ සඳහා “Preview Results” වෙත යොමුවන්න.










දැන් අදාල ලිපි මේ ආකාරයෙන් දිස් වේවි.




අපි අද මෙම ලිපියෙන් කතා කළේ Microsoft Office Word මෘදුකාංගය හරහා කරගත හැකි ක්‍රියාකාරකම් කීපයක් ගැන පමණි. මේ ආකාරයෙන් ඉංග්‍රිසි බසින් කළ හැකි බොහෝ දෑ දැන් සිංහලෙනුත් කළ හැකිවීම අපි හැමෝටම සතුටට කාරණයක්.

මෙම පහසුකම් මත පුස් බැ‍ඳෙන්නට නොදී ඒවා හැකි සෑම විටම පාවිච්චි කරමින් අපේ වැඩ තව තවත් පහසු කර ගනිමු. මීළඟ ලිපිය  Microsoft Office Excel සිංහල වැඩ කිඩ” ඔස්සේ මුණ ගැසෙමු.







Share/Save
No votes yet

Post new comment

  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Allowed HTML tags: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Lines and paragraphs break automatically.

More information about formatting options