Funding for 'IT Lab' Project, Phase 1: Progress of sticker sales. Purchase a sticker to help us reach our target.Updated: 2010-02-28 11:53
පාසලට පරිගණක

by Ranjith Gunarathne
වර්තමානයේදී පාසල් පරිසරය තුල හා මෙන්ම ඉන් පිටතද ඉහළම අවධානයකට හා වැඩිම කතා බහකට ලක් වී ඇති විෂය ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය නිසැකවම හැඳින්විය හැක. එයට හේතුව වනුයේ එම විෂය ඉතා කෙටි කාලයක් තුල අතිශය වේගවත්ව ජන ජීවිතයේ සියළුම පැති ආවරණය කරමින් අස්සක් මුල්ලක් නෑරම පැතිර යාම බව අමුතුවෙන් කිව යුතු නැත’ මිනිස් ඉතිහාසයේ කෙටිම කාලයක් තුල සීඝ‍්‍රතම වර්ධනයක් දක්වා ඇත්තේ ද මෙම විෂයයි. අද වන විටි තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයෙන් (I.C.T.) තොරව හුස්ම ගැනීමට පවා අපහසු තත්වයකට අපි පත්වී සිටිමු.
එහෙත් මේසා වැදගත් එසේම අතිශයින්ම අත්‍යවශ්‍ය වූ විෂයකට පාසල් අධ්‍යාපන පද්ධතිය තුල සාධාරණ ලෙස නිසි තැන ලැබී තිබේ ද? එසේ නොමැති නම් ඒ කුමන හේතුවක් (අහේතුවක්) කරණ කොට ගෙන ද? යන්න ගැන වගකීමෙන් යුතුව සිතා බලන්නට දැන් කාලය එළෑඹ තිබේ. මේ ලිපි පෙළෙන් අප බලාපොරොත්තු වන්නේ එකී වගකිවයුතු සංවාදයට ප‍්‍රවේශයක් සපයන්නටය. සියල්ලටම පළමු අපි තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය හෙවත් (I.C.T.) යනු කුමක්ද කියා පැහැදිලිව නිර්වචනය කරගෙන, මෙම විෂය පාසල් පංති කාමර පද්ධතියට තුළට ඇතුළත් කර ගැනීමෙන් අත්වන වාසි හෝ අවාසි කෙබඳු වේ දැයි විමසා බලමු.
යෝධ බූවල්ලකු මෙන් විද්‍යා, කලා, වානිජ ආදී සියලූව විෂය ධාරාවන් වසා පැති පවතින මේ සද්දන්ත විෂයයට එකී සියලූම පැති ආවරණය වන පරිදි පැහැදිලි නිර්වචනයක් ලබාදීම තරමක් අසීරු කටයුත්තක් වුවද අප කථා කරන්නේ කුමක් ගැන ද යන්න නිවැරදිව වටහා නොගෙන කිසිඳු කතිකාවකට අවතීර්ණ වීම පලක් නැති ක‍්‍රියාවක් වන හෙයින් අපි මෙම විෂය මෙසේ නිර්වචනය කරමු.
”තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය යනු ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් තොරතුරු හා දත්ත එක්රැුස් කිරීමට, ගබඩා කිරීමට, සම්පේ‍්‍රෂණය කිරීමට, නිර්මාණය කිරීමට, ප‍්‍රදර්ශනය කිරීමට, හුවමාරු කර ගැනීමට හා බෙදා හදා ගැනීමට උපයෝගී කර ගන්නා ගුවන් විදුලි, රූපවාහිනී, පණිවුඩ හුවමාරු චන්ද්‍රිකා පද්ධති, සියලූම ආකාරවල දුරකථන, වීඩියෝ, වී.සී.ඞී., ඞී.වී.ඞී., පරිගණක සහ ජාලකරණ උපාංග වැනි තාක්‍ෂණයන්ට අයත් දෘඩාංග සහ මෘදුකාංග නිර්මාණය, සංවර්ධනය, සහ භාවිතය සම්බන්ධව හදාරණ විෂයයි.”
ඉහත නිර්වචනය අනුව තවදුරටත් විස්තර කිරීමේදී එකී මාධ්‍යය හරහා පවත්වාගෙන යනු ලබන ඊ-මේල්, සංවාද වැඩසටහන්, වීඩියෝ සම්මන්ත‍්‍රණ හා වෙබ් ලොග් වැනි අනෙකුත් පරිවාර සේවාවන් මෙන්ම ඊට අදාල තාක්‍ෂණික මෙවලම් හා උපාංගයන් ගැන ද කතා නොකරම බැරිය. මෙම නිර්වචනය අපට පැහැදිලිව පෙන්වා දෙන ප‍්‍රධානම කරුණ වන්නේ I.C.T. යනු වැඩිදෙනා තේරුම් ගෙන ඇති පරිදි හුදෙක් පරිගණක වලට පමණක් සීමා වුණු විෂයයක් නොවන බවය. කරුණු එසේ වුවද, අප මේ ලිපි පෙළෙන් බලාපොරොත්තු වන්නේ පසල් අධ්‍යාපන ප‍්‍රවාහය තුළ පරිගණක යන්ත‍්‍ර සහ අන්තර්ජාලයේ භූමිකාව පිළිබඳවයි’ එහෙත් මුලින් සඳහන් කළ කිසිඳු තාක්‍ෂණයක් මෙම විෂයය පථය තුළින් බැහැර කිරීමක් ඉන් අදහස් වන්නේ නැත.
ඉගනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලිය ප‍්‍රධාන වශයෙන් ක‍්‍රියාත්මක වන විශ්ව විද්‍යාල, කාර්මික විද්‍යාල, වෘත්තීය පුහුණු හා කුසලතා සංවර්ධන මධ්‍යස්ථාන සහ සියලූම මට්ටම්වල පාසල් යන සකල විධ අධ්‍යාපන ආයතන තුලම I.C.T. විෂයයට ඉටුකිරීමට අතිවිශාල කාර්යභාරයක් තිබෙන අතර එකී ආයතන තුළට මෙම විෂයය හඳුන්වාදීමේදී අපට සාම්ප‍්‍රදායික ඉගෙනීම් ඉගැන්වීම් ක‍්‍රමවේදයන් සහ කාලසටහන් ආදියෙන් මිදී නව මංපෙත් සොයා යාමට සිදුවීම අනිවාර්යය බව විශේෂයෙන් පැවසිය යුතුය. එසේම, මෙම මංපෙත් කෙසේ සාදාගත යුතුද, කුමන අතකට යොමුවිය යුතුද යන්න හරිහැටි වටහාගැනීමට නම් I.C.T. විෂයයට පංති කාමරය තුළ හිමිවන භූමිකාව කෙබඳු එකක්දැයි පැහැදිලිව විමසා බැලිය යුතුය. තොරතුරු තාක්‍ෂණය, පරිගණක යන්ත‍්‍ර හා අන්තර්ජාලය පහත දක්වා ඇති ආකාර වලින් පංති කාමරය තුල (හෝ ඉන් පිටත) ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියට දායක කරගත හැකිය.
1. පරිගණක හා වීඩියෝ ක‍්‍රීඩා
විශේෂයෙන්ම ප‍්‍රාථමික පංති වලදී වැඩෙන දරුවන්ගේ නිර්මාණාත්මක භාවය හා රසඥතාවය ඉස්මතු කොට ආශ්වාදජනක ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම පිණිස පරිගණක හා වීඩියෝ ක‍්‍රීඩා බොහෝ දුරට ඉවහල් කරගත හැක. පැරණි සාම්ප‍්‍රදායික අධ්‍යාපනයේදී නීරස උදාසීන කාර්යයන් ලෙස සිසු ගුරු දෙපාර්ශවයටම අප‍්‍රසන්නව තිබූ ගණිත චක‍්‍ර පාඩම් කිරීම වැනි කාර්යයන් වුවද ආශාවෙන් හා උනන්දුවෙන් යුතුව කිරීමට පෙළඹවීම පිණිස මෙම තාක්‍ෂණය යොදාගත හැක.
2. ගුරු භවතුන්ගේ කටයුතු පහසු කිරීම
එදිනෙදා ඉගැන්වීම් කටයුතු සඳහා අවශ්‍ය වන පාඩම් සැළසුම්, දින හා වාර සටහන් ආදිය ඉක්මණින්, පහසුවෙන් හා වඩාත් ක‍්‍රමානුකූල ලෙස පිළියෙල කර ගැනීමට මෙන්ම පාසලේ විවිධ පරිපාලන කටයුතු වඩා පහසු කර ගැනීමටත්, ඒවා සඳහා අවශ්‍ය වන ලියකියවිලි ආදිය පහසුවෙන්, ඉක්මණින් හා ක‍්‍රමවත්ව සකස්කර ගැනීමටත් පරිගණකය යොදාගත හැකිය. පාසල් පරිපාලනයේ දී අත්‍යවශ්‍ය වන විවිධ වාර්තා ආදිය යාවත්කාලීනව පවත්වාගෙන යාම, පුවත්, හසුන් වැනි ප‍්‍රකාශන පහසුවෙන් නිර්මාණය කරගැනීම, සහතික පත‍්‍ර, ගුරු දෙගුරු සම්බන්ධතා ලිපි ආදී මුද්‍රිත ද්‍රව්‍ය සැකසීම, අගැයීම් කටයුතු සඳහා අවශ්‍ය වන අභ්‍යාස ආදිය සැලසුම් කිරීම හා මුද්‍රණයට සූදානම් කිරීම වැනි දහසකුත් එකක් කටයුතු පරිගණක තාක්‍ෂණය උපයෝගී කරගෙන කරගත හැකිය.
3. පර්යේෂණ හා සමීක්‍ෂණ කටයුතු සඳහා
විධිමත් අන්තර්ජාල සබඳතාවයක් සහිත පරිගණකයක් යනු තොරතුරු හා දැනුම සිතූ පැතූ පරිදි ලඟාකර දෙන ඇලඩින්ගේ පහනකට උපමා කළහොත් එහි කිසිඳු වරදක් නැත. ගුරුවරුන්ට ද සිසුන්ට ද සිය විවිධ ව්‍යාපෘතීන් සඳහා අවශ්‍ය වන තොරතුරු සහ කරුණු ඉතා පහසුවෙන් සොයාගැනීමට අන්තර්ජාලය උපකාරී වේ. එපමණක් නොව අන්තර්ජාල සබඳතාවයක් නොමැතිව වුවද එන්කාටා, බි‍්‍රටැනිකා වැනි සී.ඞී. හෝ ඞී.වී.ඞී. මාධ්‍ය වලින් එන විශ්වකෝෂ සහ ශබ්දකෝෂ ආදිය උපයෝගී කරගෙන දැනුම සොයා යාමට පරිගණක උපකාරී වේ. පොත් දසදහස් ගණනක් අඩංගු මහා පුස්තකාලයක ඇති දැනුම් සම්භාරය ඞී.වී.ඞී. කිහිපයකට ගොනු කොට සාක්කුවේ දමාගෙන යාමට පරිගණක විසින් අද අපට පහසුකම් සපයා ඇත.
4. සන්නිවේදන කටයුතු සඳහා
5. පුහුණුවීම් සහ අභ්‍යාස කටයුතු සඳහා
6. බුද්ධිමය කුසලතා වර්ධනය පිණිස
7. පරිගණක සඳහා පරිගණක
ඉතා කෙටියෙන් සඳහන් කළ නමුදු ඉහත කරුණු සළකා බැලීමේදී පාසල් අධ්‍යාපන පද්ධතිය තුලට පරිගණකය හා අන්තර්ජාලය බද්ධවීම තීරණාත්මක මෙන්ම අතිශයින් අත්‍යශව්‍ය කරුණක් බව මොනවට පැහැදිලිව පෙනී යනු ඇත. දියුණු යැයි සම්මත බොහෝ රටවල පරිගණක අධ්‍යාපනය ප‍්‍රාථමික පංතිවල සිටම අනිවාර්යය අංගයක් බවට පත් කොට තිබේ. මුළු ලෝකය දෙසම සංසන්දනාත්මක ලෙස බැලූවහොත් පරිගණක භාවිතය හා අධ්‍යාපනය අතින් ඉදිරියෙන්ම සිටින රටවල් අතලොස්සක් අතරට ආසියානු කලාපයේ අපේ අසල්වැසි රටවල් කිහිපයක්ම එක් වී ඇති බව පෙනී යනු ඇත.
එහෙත්, සාපේක්‍ෂව බලන කල ශ‍්‍රී ලංකාව තුල පවතින ප‍්‍රායෝගික තත්වය කුමක් ද? අපි පරිගණක ගැනත්, පරිගණක අධ්‍යාපනය ගැනත් කොතෙකුත් කතාබහ කරන නමුත්, ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් පරිගණක අධ්‍යාපනය පිළීබඳ ප‍්‍රතිපත්තියක් හඳුන්වා දී ඇති නමුත් ප‍්‍රායෝගික මට්ටමින් බැලූ විට පරිගණක අධ්‍යාපනය පවතින්නේ පහළ මට්ටමක බව කණගාටුවෙන් වුවත් සඳහන් කළ යුතු කරුණකි.
සිසු සිසුවියන්, ගුරු භවතුන්, විදුහල්පතිවරුන්, අධ්‍යාපන බලධාරීන් මෙන්ම දෙමාපියන් ඇතුලූ ශ‍්‍රී ලංකාවේ පොදු ජනතාවද මේ විෂයය පිළිබඳ නිසි අගැයීමක් කර, මීට වඩා වගකීමකින් යුතු අවධානයක් ඒ දෙසට යොමු කරන්නට කාලය එළැඹ තිබෙන බව අපි අවධාරණයෙන් කියා සිටිමු. අපගේ ලිපියෙ හි ඔබ මෙතෙක් නොදැන සිටි කරුණු කිසිවක් නොතිබෙන්නට ඉඩ තිබෙන නමුත්, ඔබ මෙතෙක් නොසිතූ පැත්තකින් එම කරුණු ගැන සිතන්නට මින් පෙලඹෙනු ඇතැයි අපි උදක්ම විශ්වාස කරමු. මේ පිළිබඳව අර්ථාන්විත කථිකාවකට අපි ඔබට ගෞරවයෙන් ආරාධනය කරමු.
තොරතුරු හා සන්නිවේද තාක්ෂණය
රංජිත් මහත්තයා ඔබගේ ප්‍රවේශය ඇත්තටම හොදයි. නමුත් විකිපීඩියා වලින් එහාට ගොස් යම්ක් ප්‍රකාශ කලානම් වඩාත් හොද බව මගේ අදහසයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබද ඔබගේ නිර්වචනය විකිපීඩියා නිර්වනයට වඩාත්ම සමානයි. එමෙන්ම එම නිර්වචනයි ඉදිරිපත් කිරීමට ගොස් ඔබ වරද්ද ගත්තාද සැක සහිතයි. මන්ද තොරතුරු හා සන්නිවේද තාක්ෂණය වෙනස්වන වේගයට මෙවන් නිර්වචන ඉදිරිපත් කිරීම එතරම් ඵලදායී නොවන බව මගේ අදහසයි. පාසල් අධ්‍යාපනය තුළ තොරතුරු හා සන්නිවේද තාක්ෂණය සීමා කෙට ඇත්තේ අංකික තාක්ෂණය භාවිතා කරමින් තොරතුරු කළමනාකරනය කිරීම බෙදා හැරීම වැනි කරුණු සදහාය. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් මදක් යල්පැන ගිය රූපවාහිනී ගුවන් විදුලි තාක්ෂණයට වඩා අංකිත තාක්ෂණය තොරතුරු සන්නිවේදනයට යොදාගන්නා ආකාරය විමසා බැලේ. මම දන්නා ආකාරයට ලංකාවේ පාසල් තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත. අප විශ්ව විද්‍යාලයට පුවේශ වීමෙන් පසු ආරම්භ කළ මෙම අධ්‍යාපනය අද 6 වසරේ සිටම පාසල් සිසුන්ට ලබා දීම ආරම්භ කොට ඇත. එමෙන්ම අ.පො.ස සා.පෙ. විෂය මාලාව සාමාන්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සිට මෘදුකාංග තාක්ෂණය, පරිගණක රූපක නිර්මානකරණය වැනි පුලුල් විෂය පරාසයක ව්‍යාප්තව ඇත. එසේම අ.පො.ස. උ.පෙ. තොරතුරු හා සන්නිවේද තාක්ෂණය විෂය හදුන්වා දී හමාරය.මෙම විෂය මාලාව ඉතාමත් ගැඹුරු අයුරින් සකසා ඇත. මේ දිනවල ගුරුවරුන් පුහුණු කිරීම ගුරු උපදේශන සංග්‍රහය සැකසීම සිදු වෙමින් පවතී. මෙම හේතුන් මත හෙට දවසේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සතුටුදායක වන බව මාගේ විශ්වාසයි.
Post new comment