වර්ටූසා පරිසර දිනය -

ජීවී විශේෂයන්, මිහිතලය සහ අනාගතය රැකගනිමු.

ජූනි 4 වැනි දින, ශ‍්‍රී ලංකාව, කොළඹදී, තිරසාරභාවය යනු වර්ටූසාහි ආයතනික සංස්කෘතියෙහි හා ආයතනික පුරවැසිභාවයෙහි මූලිකාංගයකි. තිරසාරභාවය යනු යහපත් සමාජ බලපෑමක් නිර්මාණය කොට පවත්වා ගෙනයාම බව සමාගමෙහි ප‍්‍රබල විශ්වාසයයි.

වගකීම් සහගත ආයතනික පුරවැසියකු වශයෙන් වර්ටූසා සමාගම මගින් යහපත් පාරිසරික බලපෑම් ඇති කෙරෙන අන්දමේ පරිසර ව්‍යාපෘතීන් රැසක් දියත් කෙරේ.

වර්ටූසා ශ‍්‍රී ලංකාහි උප සභාපති සහ සාමාන්‍යාධිකාරී මධූ රත්නායක මහතා මේ පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. "පාරිසරික තිරසාරභාවය පවත්වා ගෙන යාම සඳහා ව්‍යාපාරයන් විසින් දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ යුතු වෙනවා. වර්ටූසාහි අපගේ ආයතනික වටිනාකම් අතර පාරිසරික වගකීම් සහගතබව ප‍්‍රධාන තැනක් ගන්නවා. අප විසින් අපගේ පරිසරය හා සමාජය කෙරෙහි යහපත් බලපෑම් ඇති කිරීමේ අරමුණින් යුතුව පරිසර හිතකාමී ව්‍යාපෘතීන් රැස් දියත් කොට තිබෙනවා."

ගෝලීය උණුසුම සහ දේශගුණික විපර්යාස සිදුවන්නා වූ වර්තමාන යුගයේදී පාරසරික අර්බුධයන් වෙත දැඩි අවධානයක් යොමුවේ.

එක්සත් ජාතීන්ගේ පරිසර ව්‍යාපෘතියෙහි විධායක අධ්‍යක්ෂ ඇකිම් ස්ටේනර් මහතා සිය ප‍්‍රධාන දේශනයේදී මෙසේ පැවසීය. "මිහිතලයෙහි ස්වභාවික සම්පත් නිසි පරිදි කළමනාකරනය 2010 ලෝක පරිසර දිනයෙහි ප‍්‍රධාන තේමාවක් වන අතර, මෙවර පරිසර දිනය පැවැත්වෙන්නේ එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්වය පිළිබඳ ජාත්‍යන්තර වර්ෂය තුළදී වීම විශේෂත්වයක් ලෙස පැවසිය හැකියි. මිහිතලයේ ස්වභාවික සම්පත් විනාශ කිරීම හා අවභාවිතය හේතුවෙන් වසරකට ලෝක ආර්ථිකයට අහිමි වන මුදල ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියන 2 ත් 5 ත් අතර වෙතැයි ඇස්තමේන්තු කොට තිබෙනවා. මෙම වාතාවරණය තුළ ලොව පුරා හරිත ආර්ථික ක‍්‍රමයක් නිර්මාණය කිරීමට නම් අදාළ රජයන් විසින් බිම් මට්ටමේ සිට සිදුකෙරෙන මහජන දැනුවත් කිරීම් හා ක‍්‍රියාකාරකම් ඔස්සේ මේ සඳහා දායක විය යුතු කාලය එළඹ තිබෙනවා. 2010 ලෝක පරිසර දින තේමාව වන්නේ "ජීවී විශේෂ බොහොමයක්, එකම මිහිතලයක්, එකම අනාගතයක් " යන්නයි. මෙකී මූලික කරුණු අවබෝධ කරගැනීමට යහපත් වෙනසක් ඇති කිරීමෙහි සමත් එකම ජීව විශේෂය වන මිනිසාට දැන් කාලය එළඹ තිබෙනවා."

2010 වර්ටූසා පරිසර දිනය

2010 ජූනි මස 04 වැනි දින වර්ටූසා සමාගම මගින් සිය පරිසර දිනය සමරනු ලබන්නේ ලොව සෑම කලාපයකම සේවයේ නියුතු කාර්ය මණ්ඩලය වර්තමාන ලෝකයේ ජෛව විවිධත්ව තත්වය සම්බන්ධයෙන් දැනුවත් කරමින් ඔවුන් මිහිතලයේ ජෛව විවිධත්වය සුරැුකීම සඳහා යොමුකරවමිනි. "ජීවී විශේෂ බොහොමයක්, එකම මිහිතලයක් , එකම අනාගතයක් " යන තේමාවෙන් යුතු වර්ටූසා පරිසර දිනය එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහන වෙත සහයෝගය දක්වමින් වර්ටූසා හරිත ව්‍යාපෘතිය (Virtusa Code Green) මගින් දියත් කෙරෙන වැඩසටහනකි.

මේ යටතේ ප‍්‍රධාන උත්සවයට පෙරාතුව විවාද, Flickr ජායාරූප, වීඩියෝ, චිත‍්‍ර තරග ආදී කටයුතු රැසක් සංවිධානය කරනු ලැබ ඇත . මෙම තරගාවලීන් වර්ටූසා කාර්ය මණ්ඩලය හා ඔවුන්ගේ දූ දරුවන් සඳහා විවෘත වේ. කෙසේ වුවද ත්‍ Flickr ජායාරූප තරගය සඳහා සහභාගී වීමේ අවස්ථාව මහජනයා වෙතද හිමි වේ.

ජූනි 4 වැනි දින ඔරායන් තොරතුරු තාක්ෂණ පරිශ‍්‍රයේදී පැවැත්වීමට නියමිත වර්ටූසා පරිසර දිනය පාරිසරික දැනුවත්කිරීමේ සැසිවාරයන් හා විවිධ සංවිධානයන් මගින් ඉදිරිපත් කරන ලද පරිසර හිතකාමී භාණ්ඩ හ සේවා ප‍්‍රදර්ශනයන්ගෙන් සමන්විත වේ. මෙම අවස්ථාව ඔස්සේ වර්ටූසා කාර්ය මණ්ඩලය වෙත පාරිසරික ගැටඵ සහ පරිසර සංරක්ෂණ්‍ය සම්බන්ධනයෙන් ඔවුනට ඉටුකළ හැකි කාර්යභාරය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාගත හැකි වනු ඇත .

  • 1 කාබන් නිකුත්වීම් ගණන යන්ත‍්‍රය හඳුන්වාදීම
    ශ‍්‍රී ලංකාව තුළ වර්ටූසා මගින් ප‍්‍රථම වරට සිදුකරන ලද හඳුන්වාදීමකි
  • කාබන් නිකුත්වීම සඳහා පුද්ගල දායකත්වය පිළිබඳ දැනුවත් කාරීම සහ එම බලපෑම් අඩුකිරීමට ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව යන රටවල සියඵම වර්ටූසා උසස් තාක්ෂණ මධ්‍යස්ථානයන්හි කාබන් ගණකයන් හඳුන්වාදීම මෙදින සිදු වුනි.

    කාබන් නිකුත්වීම් ගණන යන්ත‍්‍රය පිළිබඳව

    අප සැවොම විසින් සිදුකරනු ලබන සැම ක‍්‍රියාකාරකමකදීම හා ගනු ලබන මිළදී ගැනීමේ තීරණයකදීම අපේෂිත හා අනපේක්ෂිත ප‍්‍රතිපල අත්කර දෙන්නාවූ සිද්ධිදාමයක කොටස් කරුවන් වීමට අප හට සිදුවේ. සෑම පුද්ගලයෙකුගේම අමුද්‍රව්‍ය තෝරා ගැනීම් හා ක‍්‍රියාකාරකම් හේතුවෙන්ද, අධික බලශක්ති භාවිතය හේතුවෙන්ද, හරිතාගාර වායූන් මුදාහැරෙන අතර එහි ප‍්‍රතිපලයක් වශයෙන් දේශගුණික විපර්යාස ඇති වේ.

    කාබන් නිකුත්වීම සඳහා ඔබගේ දායකත්වය මැනගැනීම තුළින් මනා ක‍්‍රියාකාරකම් ඔස්සේ පරිසරය සුරුකීම සඳහා එක් වීම ඔබ හට වඩාත් පහසු වනු ඇත.

  • 2 කාබන් නිකුත්වීම පරීක්ෂා කිරීමේ වැඩසටහන
  • ශ‍්‍රී ලංකාවේ අපගේ කාර්ය පරිශ‍්‍රයන් තුළ වර්ටූසා සමාගම්හි සේවකයන්ගේ රථ සඳහා ස්වේච්ඡා කාබන් නිකුත්වීම පරීක්ෂා කිරීමේ වැඩසටහනක් දියත් කරනු ලැබ ඇත. මේ යටතේ රථ කිහිපයක් පරීක්ෂ කොට ඒවා පරිසර හිතකාමී තත්වයට පත් කරනු ලැබ ඇත.

  • 3 හයිද්‍රාබාද්හි නව පරිසර හිතකාමී විශ්ව විද්‍යාලය
  • පරිසර හිතකාමී වටපිටාවක් කෙරෙහි අපගේ දායකත්වය විදහා දක්වමින් වර්ටූසා සමාගම විසින් මේ වන විට අපගේ නව විශ්ව විද්‍යාලය හයිද්‍රාබාද්හි ඉදිකෙරෙමින් පවතී. මෙහිදී ජලය, පස සහ භූමි ප‍්‍රදේශයන් කාර්යක්ෂම ලෙස යොදා ගැනීම කෙරෙහි ප‍්‍රමුඛත්වය ලබාදී ඇති අතර, එයට අමතරව බලශක්ති පිරිමැසුම් පරිසර හිතකාමී යන්ත‍්‍රසූත‍්‍ර භාවිතය, නිසි ගොඩනැගිලි කළමනාකරණ ක‍්‍රමවේදයන් යොදාගැනීම සහ ප‍්‍රතිචක‍්‍රීකරණය කරන ලද අමුද්‍රව්‍ය භාවිතයද මෙහිදී සිදු කෙරේ.

    මෙම හරිත ව්‍යාපෘතිය මගින් සැළසෙන මූල්‍යමය හා මූල්‍යමය නොවන ප‍්‍රතිලාභ පහත පරිදි වේ.

    • බලශක්ති සංරක්ෂණය
    • ජල සංරක්ෂණය
    • සෞඛ්‍ය හා ආරක්ෂණ ප‍්‍රතිලාභ සළසන්නා වූ වැඩි සේවක සුවපහසුව
    • වර්ධනය වූ ඵලදායීතාවය
  • 4 ඉවතලන කඩදාසි එකතුකිරීම සහ ප‍්‍රතිචක‍්‍රීකරණය/යළි භාවිතය
  • වර්ටූසා හයිද්‍රාබාද් සහ චෙන්නායි කාර්ය පරිශ‍්‍රයන් තුළ අදාළ ස්ථානයන්හි ඉවතලන කඩදාසි එකතු කිරීම සිදුකෙරේ. අදාළ කඩදාසි නිසි පරිදි ප‍්‍රතිචක‍්‍රීකරණය කොට යළි භාවිතය සඳහා ප‍්‍රමුඛ පෙලේ පෞද්ගලික සමාගමක් සමග සහයෝගීතාවයකට එළඹ සිටිමු. මෙමගින් උපයනු ලබන ආදායම අවතැන් වූ දරුවන් සඳහා වෛද්‍ය කඳවුරු පැවැත්වීම වැනි අනෙකුත් ප‍්‍රජා සත්කාරයන් සඳහා යෙදවේ. මෙම ප‍්‍රයත්නය ඔස්සේ වර්ටූසා ආයතනය තුළ අභ්‍යන්තර වශයෙන් කඩදාසි නැවත භාවිතය පිළිබඳ දැනුම ව්‍යාප්ත කරන අතරතුර අදාළ ආදායම යහපත් කර්තව්‍යයක් වෙනුවෙන් යෙදවීමට සමත්ව සිටිමු.

  • 5 Code Green ව්‍යාපෘති
  • හරිත තොරතුරු තාක්ෂණ සහ හරිත පරිශ‍්‍ර ව්‍යාපෘතීන් ඔස්සේ මිළට ගන්නා ලද විදුලි බලය මගින් සිදුවන කාබන්ඩයොක්සයිඞ් පිටවීම අවම කිරීමට අප පියවර ගෙන ඇත .

    * මෙම හරිත තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතීන් අතරට විදුලිබල පිරිමැසුම් විදුලි බුබුඵ භාවිතය, සර්වර් ස්වයංක‍්‍රීයාකරණය, මුද්‍රණ කටයුතු වලදී කඩදාසි භාවිතය අවම කිරීම ආදිය ඇතුළත් වේ.

    * හරිත පරිශ‍්‍ර ව්‍යාපෘතීන් අතරට අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණය සහ නැවත භාවිතය කෙරෙහි අවධානය යොමු කිරීම, බලශක්ති පිරිමැසුම් ආලෝකකරණ පද්ධති භාවිතය, දත්ත මධ්‍යස්ථාන/කාර්ය පරිශ‍්‍රයන්හි ඉඩකඩ ඒකාබද්ධකරණය, වායු සමන මෙහෙයුම් උපරිම කාර්යක්ෂමතාවයෙන් යුතුව පවත්වා ගෙන යාම ආදිය එක් වේ.

  • 6 විදුලිබල සංරක්ෂණ ප‍්‍රචාරණ ව්‍යාපෘති
  • අප විසින් බලශක්තිය ඉතිරි කිරීමේ අරමුණින් යුතුව පරිගනක යන්ත‍්‍ර , විදුලි පහන් සහ අනෙකුත් උපකරණ භාවිත කරනු නොලබන අවස්ථාවන්හිදී නිවා දැමීම වැනි කරුණු සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම සඳහා විවිධ ප‍්‍රචාරණ ව්‍යාපෘතීන් දියත් කරනු ලැබේ. හැකි සෑමවිටකදීම විදුලි අඩුවෙන් පරිභෝජනය කරන සීඑෆ්එල් විදුලි පහන් භාවිතය අප සමාගමෙහි ප‍්‍රතිපත්තිය වේ.

  • 7 කොන්ත‍්‍රාත්කරුවන් සහ සැපයුම්කරුවන් වැනි අපගේ ව්‍යාපාරික සහකරුවන් වගකීම් සහගත පරිසර ව්‍යාපෘතීන් දියත් කිරීම කෙරෙහි දිරිගැන්වේ. අපගේ හරිත මිළදී ගැනුම් ප‍්‍රතිපත්තිය අනුව එවැනි සැපයුම්කරුවන් වෙත ප‍්‍රමුඛත්වය හිමි වේ.
  • අප විසින් මෙහෙයුම් සිදුකරන්නා වූ ප‍්‍රදේශයන්හි බලශක්ති සංරක්ෂණය සහ පරිසර සංරක්ෂණය කෙරෙහි ක‍්‍රියාකාරී ලෙස දායක වීම මගින් මිහිතලය සුරුකීම කෙරෙහි වන වර්ධනය වෙමින් පවතින්නා වූ අවශ්‍යතාවය සම්බන්ධයෙන් සුබවාදී එළඹුමක් ඇති කිරීමට අපි සමත්ව සිටිමු.

    වර්ටූසා සමාගම පිළිබඳව

    වර්ටූසා යනු තොරතුරු තාක්ෂණ උපදේශන සේවා, තාක්ෂණ ක‍්‍රියාකාරී සේවා සහ යෙදවුම් සැපයුම් සේවා සම්පාදනය කරන්නාවූ ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ සේවා සමාගමකි. සිය ජාත්‍යන්තර මෙහෙයුම් ආකෘතිය, නව්‍ය පදනම් එළඹුම සහ ක්ෂේත‍්‍රයේ විශේෂඥභාවය යොදාගනිමින් වර්ටූසා මගින් සේවාලාභීන්ගේ ව්‍යාපාරික කාර්යසාධන වර්ධනය, වෙළඳ පොළ වෙත පිවිසීමේ ශීඝ‍්‍රතාවය වර්ධනය, ඵලදායීතා වර්ධනය සහ පාරිභෝගික සේවා තත්ව වර්ධනය සිදුකරන්නා වූ ඉහළ මට්ටමේ සේවාවන් සපයනු ලැබේ.

    මැසචුසෙට්ස් මූලස්ථානය කරගනිමින් 1996 දී ස්ථාපනය කෙරුනු වර්ටූසා සමාගම සතුව එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ කාර්යාල පරිශ‍්‍රයන්ද, ඉන්දියාවේ සහ ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර සේවා මධ්‍යස්ථානයන්ද පවතී. වර්ටූසා පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා www.virtusa.com වෙත පිවිසෙන්න.

    "Virtusa" යනු වර්ටූසා සමාගමෙහි ලියාපදිංචි වෙළඳ ලකුණකි.

 

Share/Save
Your rating: None Average: 5 (1 vote)