O/L ICT

by W.G.T.Fernando

වදන් සැකසීම - 3

Word Processing - 3

ලේඛයට වගු ඇතුළත් කිරිම සහ ඒවා අභිමතකරණය කිරීම
(Inserting Tables and Customizing)

ලේඛයක ඇති දත්ත අර්තාන්විත (Meaningful) ආකාරයට සංවිධානය කරගැනීමට වගු භාවිතා කළ හැකිය. ඕනෑම වගුවක් පෙළ (row) සහ තීරු (Column) වලින් සමන්විත වේ. තොරතුරු අර්ථාන්විතව ඉදිරිපත් කිරීමට පරිශීලකගේ (User) අවශ්‍යතා වලට අනුව වගු අභිමතකරණය (Customize) සිදු කිරීමට MS-WORD මගින් පහසුකම් සලසයි.

වගුවක ඇති පෙළ සහ තීරු ප‍්‍රමාණය තීරුවක පළල සහ පෙළක උස වැනි වදන් සැකසුම් යෙදුම මගින් පහසුවෙන් වෙනස් කරගත හැකිය. එමෙන්ම වගුවක ඇති පෙළ හා තීරු මකා දැමීම සහ අළුත් පෙළ හෝ තීරු එකතු කිරීමද යාබද කෝෂ (Adjacent ells) මුසු කිරීම (Merge) ද කෝෂ බෙදාලීම් (divide) වැනි කාර්යයන් ද සිදු කර ගත හැකිය.

 

වගු සාදාගැනීම
(Creating Tables)

  • ⇒ මෙනු තීරුවෙන් (Menu Bar) Insert → Table තෝරාගන්න.

  • ⇒ එමගින් ලැබෙන කවුළුවේ ඔබේ වගුව සඳහා අවශ්‍ය තීරු ප‍්‍රමාණය (Number of Columns) ක්ෂේත‍්‍රයේ ඇති බොත්තම් ක්ලික් කිරීමෙන්ද අවශ්‍ය පෙළ ගණන (Number of Rows) ක්ෂේත‍්‍රයේ ඇති බොත්තම් ක්ලික් කිරීමෙන්ද ඇතුළු කර ගන්න. තීරු පළල (Column width Field) ක්ෂේත‍්‍රය සඳහා Auto ලෙස ලබාදී පසුව එය අඩු වැඞී කිරීමට තබාගන්න. ඉන්පසු OK කරන්න.

  • ⇒ වගුවක ඇති සෑම කොටුවක්ම කෝෂ (Cells) ලෙස හැඳින්වේ වමේ සිට දකුණට කෝෂ වල චලනය වීම සඳහා Tab යතුර යොදාගත හැකිය. දකුණේ සිට වමට කෝෂ වල චලනය සිදුකිරීමට Shift යතුර ඔබා ගනිමින් Tab යතුර භාවිතා කරන්න. යම් කිසි කෝෂයකට ඔබට ඝෘජුවම යාමට අවශ්‍ය නම් එය මත මුසිකය ක්ලික් කිරීමෙන් එය සිදු කරගත හැකිය. මීට අමතරව ඊ හිස් යතුරු (Arrow Keys - Left, right, up and down ) යොදා ගැනීමෙන්ද කෝෂ ඔස්සේ චලනය විය හැකිය.

  • ⇒ ඔබට යම් කෝෂයකට දත්ත ඇතුළු කිරීමට අවශ්‍ය නම් ප‍්‍රථමයෙන් එම කෝෂය තෝරාගෙන අවශ්‍ය දත්ත එහි ටයිප් කරන්න.

 

 
අළුත් පෙළක් වගුවට ඇතුළු කිරීම
(Inserting a Row within the Table)

වගුවේ ඔබ කැමති ස්ථානයකට අළුත් පෙළක් ඇතුළු කිරීමේ හැකියාව MS-WORD මගින් ඔබට ලබාදේ.

 

  • ⇒ ප‍්‍රථමයෙන් ඔබට අළුත් පෙළක් ඇතුළු කිරීමට අවශ්‍ය ස්ථානය වෙත කර්සරය ගෙන යන්න.

  • ⇒ මෙනු තීරුවෙන් (Menu Bar) Table → Insert → Rows above තෝරාගන්න. එවිට දැන් ඇති පේළියට (Current Row) ඉහළින් අළුත් පෙළක් එකතු වන බව ඔබට දැකගත හැකිය. Table → Insert → Rows below තේරීමෙන් දැනට ඇති පේළිය පහතින් අළුත් පෙළක් එකතු කරගත හැකිය.

  • ⇒ අළුත් පෙළ සඳහා අවශ්‍ය තොරතුරු ඇතුළු කරන්න.

 

 

අළුත් තීරුවක් වගුවට ඇතුළු කිරීම
(Inserting a Column to a Table)
  • ⇒ ඔබ අළුතින් තීරුවක් ඇතුළු කිරීමට අවශ්‍ය ස්ථානයට කර්සරය ගෙනයන්න.

  • ⇒ මෙනු තීරුවෙන් (Menu bar) තෝරාගන්න. එවිට දැන් ඇති තීරුවට වම් පසින් අළුත් තීරුවක් එකතු වන බව ඔබ දැකගතහැකිය. Table → Insert → column to right ඇති තීරුවට දකුණ පසින් අළුත් තීරුවක් එකතු කරගත හැකිය.

  • ඔබේ අවශ්‍යතාවයට අනුව අළුත් පෙළ ලේබල් කිරීම (Label) මගින් එයට දත්ත ඇතුළත් කරන්න.

වගුවේ අගට අළුත් පෙළක් එකතු කිරීම
(Adding a New to the End of the Table)

⇒ වගුවේ අවසන් පේළියේ අවසන් තීරුවට කර්සරය ගෙන ගොස් Tab යතුර ඔබන්න. එවිට ඔබට අළුත් පෙළක් එකතු කරගත හැක. දැන් අවශ්‍ය දත්ත එහි ටයිප් කරන්න.

තීරුවක ප‍්‍රමාණය අඩු වැඩි කිරීම
(Resizing the Columns)

තීරුවක පළල වැඩිකිරීම සඳහා පහත පියවර අනුගමනය කරන්න.

 

  • ⇒ පළල වැඩි කිරීම අවශ්‍ය තීරුවේ ඕනෑම ස්ථානයකට කර්සරය ගෙන යන්න.

  • ⇒ මෙනු තීරුවෙන් (Menu bar) Table → Select → Column තෝරාගන්න.

  • ⇒ මෙනු තීරුවෙන් Table → Table Properties තෝරාගන ඒම කවුළුවේ Column පටිත්ත (tab) ක්ලික් කරන්න.

  • ⇒ දැනට ඇති පළලට වඩා වැඩි අගයක් එහි ඇතුළු කර OK කරන්න.

මෙනු භාවිතා නොකර මුසිකය පමණක් යොදාගනිමින් තීරුවක ප‍්‍රමාණය අඩු වැඩි කරගත හැකිය. ඒ සඳහා තීරු දෙකක් වෙන් වන රේඛාව මත කර්සරය ස්ථානගත කර පළල පෙන්නුම් කරනය (Width Indicator) දර්ශනය වූ විට එය මත ක්ලික් කර වමට හෝ දකුණට ඇදගෙන යන්න. (Click and drag)

 

වගුවක ඇති තීරුවක් මකා දැමීම
(Deleting a Column)

 

⇒ මකා දැමිය යුතු තීරුවේ ඕනෑම ස්ථානයකට කර්සරය ගෙන යන්න. ඉන් පසු මෙනු තීරුවේ → Delete → column තෝරා ගැනිම මගින් මෙය සිදු කරගත හැකිය.

 

 
වගුවක ඇති පෙළක් මකා දැමීම
(Deleting a row)
  • ⇒ මකා දැමිය යතු පේළියේ ඕනෑම ස්ථානයකට කර්සරය ගෙන යන්න. ඉන්පසුව මෙනු තීරුවෙන් Table → Delete → Rows තෝරා ගන්න.

සැ:යු: Ms-Word හිදී ප‍්‍රකරණ මෙනුව (Context menu) ප‍්‍රයෝජනවත් මෙවලමකි. ප‍්‍රකරණ මෙනුවේ ඇති වරණ ලැයිස්තුවෙන් (List of choice) ඔබට අවශ්‍ය වන විකල්පය (Option) ධාවනය කරගත හැකිය. මෙනු අතර මුසිකය චලනය කිරීමට වඩා යම් පහසුවක් ප‍්‍රකරණ මෙනුව මගින් ලබාදිය හැකිය.

 

වගුවක් සාදා වෙන්කර දැක්වීම
(Splitting a table)

 

MS Word භාවිතයෙන් එක් වගුවක් වගු දෙකක් බව වෙන් කර ගත් හැකිය. වගුව බෙදා වෙන් කළ යුතු ස්ථානයට ගෙන යන්න. ඉන් පසුව Table → Split table තෝරාගන්න.

ඉහත ආකාරය කෝෂයක් (Cell) පෙළ කිහිපයක් (rows) බවට හෝ තීරු (Column) කිහිපයක් බවට බෙදා වෙන් කර දැක්විය හැකිය

 

Previous Article

 

Share/Save
No votes yet