Funding for 'IT Lab' Project, Phase 1: Progress of sticker sales. Purchase a sticker to help us reach our target.Updated: 2010-02-28 11:53
10.7%
තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයේ මූලිකාංග




by Dinesh Nadun Kumara




පරිගණකය මෙතරම් වැදගත් ඇයි?

    අප එදිනෙදා භාවිතා කරන විද්‍යුත් උපාංග අතර පරිගණකය එකක් පමණි. ඊට අමතරව රූපවාහිනිය, ගුවන්විදුලිය, ශීතකරණය වැනි විද්‍යුත් උපකරණ ද ඇත. නමුත්, ඒ සියල්ල අභිබවා පරිගණකයට නූතනයේ වැදගත් ස්ථානයක් ලැබී තිබේ. සැබවින්ම, පරිගණකයේ ඇති මෙතරම් සුවිශේෂී ගුණාංග මොනවාදැයි සොයා බැලීම වැදගත් වේ.

    ඒ සඳහා ඒ ඒ විද්‍යුත් උපාංග මගින් සිදුකර ගනු ලබන කාර්යභාරයන් සංසන්දනය කර බැලිය යුතුය. රූපවාහිනිය මගින් සිදුකරනුයේ ප‍්‍රධාන වශයෙන් ග‍්‍රහණය කරගනු ලබන රූපවාහිනී තරංග විශ්ලේෂණය කර, ඒ ඒ වැඩසටහන් ශ‍්‍රව්‍ය දෘෂ්‍ය ආකාරයට පේ‍්‍රක්‍ෂකයනට ඉදරිපත් කිරීමයි. ගුවන්විදුලිය, ගුවන් විදුලි තරංග ග‍්‍රහණය කර ඒවා ශ‍්‍රව්‍යමය ආකාරයට ඉදරිපත් කරයි. ශීතකරණය ඒ තුල උෂ්ණත්වය එක්තරා මට්ටකමට නියතව තබාගනු ලබයි.

    මෙසේ ගත් කළ, ඒ ඒ විද්‍යුත් උපකරණයට ඒ ඒ විශේෂිත කාර්යභාරයන් ඉටුකර ගැනීමට විශේෂයෙන් සැලසුම් කර ඇත. ඒ සැලසුම් කළ පරාසය තුළ අපගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට පරිගණකය යොදාගත හැක. ඒ පරාසය තුලින් එහා ගිය දෙයක් අනෙකුත් විද්‍යුත් උපකරණ මගින් සිදුකර ගත නොහැක.

    නමුත්, පරිගණකයේ ඇති එක් විශේෂිත ලක්‍ෂණයක් නම් විවිධාකාරයේ පහසුකම් රැසක් පරිගණකය තුලින් ලබාගත හැකි වීමයි. සරළ ලෙස පහත දේ නම් කළ හැක.

        1. සංගීතයට සවන්දීම.
        2. චිත‍්‍රපට නැරඹීම.
        3.ලියකියවිලි කටයුතු හැසිරවීම. (Word Prcessing)
        4. ඡායාරූප සංස්කරණය.(Image Prcessing)
        5 .CD හා DVD තැටි නිර්මාණය කිරීම.
        6 .රූපවාහිනිය නැරඹීම.
    මෙසේ කටයුතු රැුසක් එකම උපකරණයෙන් කරගත හැකි වීම එක් වාසියකි.

    ඊලඟ වැදගත් ලක්‍ෂණය, අපට අවශ්‍ය කාර්යභාරයන් ඉටුකර ගැනීමට පරිගණකය අපට සකස් කළ හැකි වීමයි. ඒ සඳහා අපට අවශ්‍ය ප‍්‍රතිදානය ලබාදෙන පරිගණක වැඩසටහන් සැකසිය හැක. නූතනයේ මේ සඳහා මනා පහසුකම් ලබාදෙන පරිගණක භාෂා (Programming Languages)  ඇත. නූතනයේ බහුලව සාර්ථක ලෙස භාවිතා වන පරිගණක භාෂා අතර, Java, C#, C++, C ක්‍  වැනි භාෂා හැඳින්විය හැක.

    මෙම පරිගණක භාෂා භාවිතයෙන් ලියනු ලබන පරිගණක වැඩසටහන්, පරිගණක මෘදුකාංග ලෙස හඳුන්වනු ලබයි. මේවා ප‍්‍රධාන වශයෙන් ආකාර 2 කි.
 
      1  System Software  
      2. Application Software

    System Software වල මූලික කාර්යභාරය වනුයේ පරිගණකය හා කටයුතු කිරීමට අවශ්‍ය මූලික පසුබිම සකසාදීමයි. පරිගණකය තුල දෘඩාංග කොටස්වලට (Computer Hardware) අපට කෙළින්ම සම්බන්ධ විය නොහැක. ඒ සඳහා අතරමැදියා ලෙස ක‍්‍රියාකරනුයේ මෙම System Software වේ. අපි මේවාට අවශ්‍ය විධානය ලබාදුන් විට පරිගණක දෘඩාංගවලට තේරුම් ගතහැකි අයුරින් ඒවා වෙනස් කර ලබාදීම මෙමගින් සිදුකරනු ලබයි. පරිගණක මෙහෙයුම් පද්ධති (Operating Systems) මේ ගණයට අයත් වේ. නූතනයේ භාවිතා වන මෙහෙයුම් පද්ධති ලෙස Windows XP, Windows Vista, Linux, Mac OS වැනි ඒවා දැක්විය හැක.

    Application Software යනු, යම් විශේෂිත කාර්යභාරයක් ඉටුකර ගැනීමට ලියා ඇති පරිගණක වැඩසටහන්ය. මෙම Software පරිගණකය මත ක‍්‍රියාත්මක වනුයේ System Software එකක්, එසේත් නැතිනම් පරිගණක මෙහෙයුම් පද්ධතියකින් ලබාදෙන පදනම මත සිටිමිනි. මෙසේ සකස් කළ මෘදුකාංග කාර්යභාරය සමඟ පහත ලෙස දැක්විය හැක.

        1. Word Processing                        - Micresoft Word 2007
        2. Spreadsheet Manupulation      - Micresoft Excel 2007
        3. Presentation                               - Micresoft Powerpoint 2007  
        4. Graphic Design                           - Adobe Photpshop CS 3
        5. Database Management System    - My SQL, Oracle

    මෙයට අමතරව මෘදුකාංග නිෂ්පාදන ආයතන මගින් ඔවුන්ගේ ගණුදෙනුකරුවන්  (Customers) වෙත ලබා දෙන මෘදුකාංග (Customized Software) ද (Application Software)  ගණයට වැටේ. මේවා එම ගණුදෙනුකරුවන්ගේ අවශ්‍යතා මත නිර්මාණය කර දෙනු ලබයි.

    පරිගණක, ලෝකය තුල මේ තරම් ප‍්‍රබල ලෙස ස්ථාපිත වීමට තවත් හේතුවක් වූයේ පරිගණක එකිනෙක ජාලගත කළහැකි වීමයි. සැබවින්ම, ලෝකය තුල අලූත් පරිගණක සංස්කෘතියක් බිහිකිරීමට තරම් මෙම ලක්‍ෂණය ඉවහල් වී ඇත. එකිනෙක ජාලගත කිරීම මගින් පරිගණකවල ඇති දත්ත හුවමාරු කරගැනීමේ හැකියාවයි. දත්තවල සුරක්‍ෂිතභාවය තවදුරටත් තහවුරු කරගැනීමට මෙය ඉවහල් වූ අතර, එමනිසාම ලොව පුරා නොයෙක් කටයුතු සඳහා පරිගණක යොදාගැනීමට හේතු විය. පරිගණක ජාලකරණයේ (Computer Networking) වර්තමානයේ දැකිය හැකි සුලබම ප‍්‍රථිපලය අන්තර්ජාලයයි (Internet). ලොව පුරා ඇති නොයෙකුත් පරිගණක ජාල එකට එක් කොට ඇති අන්තර්ජාලය වර්තමානයේ අතිවිශාලතම දැනුම් සම්භාරය බවට පත්ව ඇත. මේ හා සම්බන්ධව E-mail, Chat, E-business වැනි පහසුකම් ද එක්වීම වර්තමාන සන්නිවේදන තාක්‍ෂණය වඩාත් දියුණු අවස්ථාවකට පත්කර ඇත. ලෝකයේ නවතම පරිගණක සංස්කෘතියක් මෙම අන්තර්ජාලය කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය වෙමින් පවතී.

    නමුත්,  ඕනෑම පරිගණක ජාලයක සුරක්‍ෂිත දත්ත වලට අනවශ්‍ය ලෙස අනවසරයෙන් ඇතුළුවීමේ අවදානමක් ඇත. පොදුවේ මෙම අනවසර පුද්ගලයින් හැකරකරුවන් (Hackers) ලෙස හඳුන්වයි. තවද, අන්තර්ජාලය හොඳ අරමුණු සඳහා මෙන්ම, නොයෙක් ජාවාරම් සඳහා යොදාගැනීමට ද එක සේ අවදානමක් ඇත. තවද, අන්තර්ජාලය ඔස්සේ නොයෙකුත් ආකාරයේ රැුවටීම් ද අද ඉතා සුලභය. විද්‍යුත් තැපෑල (E-mail) ඔස්සේ නොයෙකුත් පරිගණක වයිරස ව්‍යාප්තවීමේ අවදානමක් ද පවතී.

       පරිගණක ජාලකරණය (Computer Networking) 

    පරිගණක ජාලකරණයේ දී මූලිකවම සිදුවන්නේ පරිගණක 2ක් හෝ කිහිපයක් යම්කිසි මාධ්‍යයක් ඔස්සේ සම්බන්ධ කර ඒවායේ ඇති දත්ත හුවමාරු කරගැනීම (Data Sharing) හෝ ඒ එකිනෙක අතර දත්ත සම්පේ‍්‍රෂණයකි (Data Communication). මේ සඳහා විශේෂිත වූ මාධ්‍යයක් හරහා මෙම ජාලකරණය සිදුකරනු ලබයි. ප‍්‍රධාන වශයෙන් මාධ්‍ය 2 ක් හරහා මෙය කරගත හැක.

       1.    නිදහස් අවකාශය ඔස්සේ දත්ත සම්පේ‍්‍රෂණය
    (Data Communication through Radiation Media)

       2.    භෞතික මාධ්‍යයන් ඔස්සේ දත්ත සම්පේ‍්‍රෂණය
    (Data Communication through Guided Media)

    නිදහස් අවකාශය ඔස්සේ ප‍්‍රධාන වශයෙන් රේඩියෝ තරංග (Radio Waves)  අධෝරක්ත කිරණ (Infrared Waves), ක්‍ෂුද්‍ර තරංග (Micro Waves) වැනි කිරණ වර්ග භාවිතා වේ.

විද්‍යුත් චුම්භක වර්ණාවලියේ මේවායේ සැකසීම
 
 

      
    මෙම කිරණ වර්ග සියල්ලක්ම දෘෂ්‍ය පරාසයට වඩා සංඛ්‍යතයෙන් අඩු නිසා පියවි ඇසට දැකි නොහැකි වේ.

    භෞතිකමය මාධ්‍යයක් (Guided Media) ඔස්සේ සිදුවන දත්ත හුවමාරුවට සම්බන්ධ වන දත්ත කේබල (Data Cables) වර්ග 2 ක් මූලිකව දැක්විය හැක.

     1. යුගල රැහැන් - Twisted  Pair Wire
     2. කොඇක්ෂියල් රැහැන් - Coaxial Cable 

    යුගල රැහැන් නිර්මාණය වී තිබෙනුයේ පරිවාරක වලින් ආවරණය වූ සන්නායක තන්තු 2 ක් එකිනෙක එතීමෙන් තැණුන යුගල තන්තු කිහිපයක් නැවත වතාවක් පොදුවේ තවත් පරිවාරක කොටසකින් ආවරණය වීමෙනි.

                       
                            
    කොඇක්ෂියල් කේබල් තැනී ඇත්තේ ඇතුලතින්ම වූ සන්නායක තන්තුවක් ඒ වටා පරිවාරක කොටසක් ආවරණය කිරීමෙනි. ඉන් අනතුරුව එම පරිවාරක කොටස වටා යළිත් සන්නායක තන්තු දැලක් ලෙස පවතී. මෙම තන්තු දැලට පිටින් යළිත් පරිවාරක ආවරණයක් සම්බන්ධ වී ඇත.
 

                          
                               
                                   
    මීලඟට ජාලගත කළ හැකි විවිධාකාර රාටාවන් පිළිබඳව අධ්‍යයනය කිරීම වැදගත් වේ. මේවා Network Topologies ලෙස හඳුන්වා ඇත. ප‍්‍රධාන වශයෙන් Network Topologies  වර්ග 4 ක් හඳුන්වා දිය හැක.

         1.    Bus Topology
         2.    Ring Topology
         3.    Star Topology
         4.    Mesh Topology       

  •  Ring Topology
     මෙහි එක් එක් පරිගණකයක් තවත් පරිගණක දෙකක් සමඟ සම්බන්ධ වේ. ජාලයේ මුල්ම පරිගණකය අවසන් පරිගණකය හා සම්බන්ධ වීමෙන් චක‍්‍රීය ආකාරයේ (Ring Shape) ජාලයක් නිර්මාණය වේ. දත්ත එක් දිශාවකට පමණක් මෙම චක‍්‍රයේ ගමන් කරන අතර, ගමන් කරන දත්තයේ ගමනාන්තය ලඟාවන තුරු පසුකරන සෑම පරිගණකයක් වෙතම එම දත්තය ලඟා වේ.

   
                              
                                    
 Dual Ring යනු ඉහත දැක්වූ Ring Topology එකටම අයත් මෙහි වූ සෑම Node 2 ක්ම සන්නිවේදන රැුහැන් 2 කින් සම්බන්ධ කිරීමෙනි. මෙහිදී චක‍්‍රීය සන්නිවේදන ජාල 2ක් නිර්මාණය වන නිසා මෙය Dual Ring ලෙස හඳුන්වයි.


  • Bus Topology
    පරිගණක ජාලයේ සියලූම භදාැි පොදු සන්නිවේදන මාධ්‍යයකට සම්බන්ධ වන අතර එම මාධ්‍යයේ අවසන් දෙකෙළවර කිසිවකට සම්බන්ධ නොවේ. මෙහිදී සන්නිවේදන මාධ්‍යය Bus, Backbone යන නම් වලින් හැඳින්වේ.
දත්ත දිශා දෙකටම ගමන් කිරීම සිදු වේ. ජාලයක සන්නිවේදන රැුහැනේ දෙකෙළවර Terminator නම් වූ උපාංගය සවිකිරීමෙන් අවසන් කරයි. එහි අරමුණ වනුයේ එක් දිශාවකට ගමන් කරන දත්ත මාධ්‍යය අවසානයේ නැවත ආපසු දෙසට පරාවර්තනය වළක්වා දත්ත ශුන්‍ය කර දැමීමයි.
    තනිව පවත්නා සන්නිවේදන රැුහැනට තවත් අතු ලෙස රැුහැන් එක් කිරීමෙන් Distributed Bus ඊමි නම් වූ ආකාරයේ ජාලයක් නිර්මාණය කරගත හැක.
                 

                               

  • Star Topology
    මෙහිදී ජාලයේ සියලූ පරිගණක එක් කේන්ද්‍රීය උපාංගයට සවි වේ. මෙය Hub එකක්, Switch  එකක් වැනි උපාංගයක් විය හැක. සෑම පරිගණකයකම සිදුවන දත්ත හුවමාරුව කේන්ද්‍රීය උපාංගය හරහා සිදුවේ. යම් අවස්ථාවක මෙම කේන්ද්‍රීය කොටස බිඳ වැටුනහොත් මුළු ජාලයම අක‍්‍රිය වේ.
    
                                 
          
  • Mesh Topology
    මෙහිදී ජාලයේ පවතින එක් එක් පරිගණක අන්සියලූ පරිගණක සමඟ වෙන වෙනම සන්නිවේදන මාධ්‍යය ඔස්සේ සම්බන්ධව පවතී. මෙවිට එක් සන්නිවේදන මාර්ගයක් බිඳවැටුනහොත් අනෙකුත් මාර්ගයන් ඔස්සේ සන්නිවේදනය සිදුකර ගත හැක. නමුත් බහුලව මෙම ක‍්‍රමය භාවිතා නොවේ. ඊට හේතුව වනුයේ, මෙය තරමක් වියදම් අධික වීම හා සැකසීම අපහසු වීමයි.

           
                                   
ව්‍යාප්තිය අනුව පරිගණක ජාල වර්ගීකරණය කළ හැක. මෙහිදී වර්ග 3 කට අයත් පරිගණක ජාල පවතී. 

              1. LAN     - Local Area Network
              2. MAN     - Metropolitan  Area Network
              3. WAN     - Wide  Area Network

  • LAN
    ව්‍යාප්තියෙන් කුඩා ඉඩ ප‍්‍රමාණයක පැතිර පවත්නා පරිගණක ජාලයකි. ගොඩනැගිල්ලක්, ගොඩනැගිලි කිහිපයක් සම්බන්ධ කරමින් පවතින පරිගණක ජාලයකි. පාසලේ පරිගණක විද්‍යාගාරයේ ඇති පරිගණක සම්බන්ධ කර තනන ජාලය LAN එකක් ලෙස දැක්විය හැක. LAN කේබල් භාවිතයෙන් මෙන්ම රැුහැන් රහිත (Wireless) ආකාරයට ද පවත්වාගෙන යා හැක.

  • MAN
    මෙය LAN එකකට වඩා විශාල වූ භූමි ප‍්‍රදේශයක් ආවරණය කරන පරිගණක ජාලයකි. විශාල නගරයක් වැනි භූමියක පැතිර පවතිනුයේ MAN වේ. මෙය LAN එකකට වඩා විශාල අතර WAN එකක් තරම් විශාල නොවන පරිගණක ජාලයකි. 

  • WAN
    ප‍්‍රමාණයෙන් විශාලතම වන පරිගණක ජාලයයි. රටවල් එකිනෙක පවා සම්බන්ධ කරමින් විහිදේ. අන්තර්ජාලය (Internet) WAN හි වඩාත් සුලභ උදාහණයයි. මෙහිදී අන්තර් මහද්වීපික ප‍්‍රකාශ තන්තු හෝ චන්ද්‍රිකා මගින් එක් එක් රටවල් අතර දත්ත සන්නිවේදනය සිදුවේ. එක් එක් රටවල වූ LAN මෙන්ම ඵ්භ එකිනෙක සම්බන්ධ වීම හරහා ජාල අතර ජාලයක් (Internetwork) ලෙස මෙය තැනී ඇත. අන්තර්ජාලය ලොව ඇති විශාලතම WAN එක වේ.


Share/Save
No votes yet

A/L GIT

It's need.

Post new comment

  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Allowed HTML tags: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Lines and paragraphs break automatically.

More information about formatting options