Funding for 'IT Lab' Project, Phase 1: Progress of sticker sales. Purchase a sticker to help us reach our target.Updated: 2010-02-28 11:53
10.7%
වර්ඩ්ප්‍රෙස් ස්ථාපනය කරන හැටි




by Malinthe Samarakoon


 

මෙවර අපි වර්ඩ්ප්‍රෙස් වෙත අපට අවශ්‍ය ප්ලගින සහ තේමා ස්ථාපනය කරන ආකාරය බලමු.

ප්ලගිනයක් ‍වශයෙන් හඳුන්වන්නේ වර්ඩ්ප්‍රෙස් වෙත අමතර ක්‍රියාකාරිත්වයක් එක්කරන ලේඛන වශයෙන් හඳුන්වන්නට හැකියි. මේවා වර්ඩ්ප්‍රෙස් හි බොහෝ සරල එක්කිරීම් වල සිට බොහෝ සංකීර්ණ සැකසුම් දක්වා පුළුල් පරාසයක විහිදෙනවා. තේමා වශයෙන් හඳුන්වන්නේ විවිධ ආකාරයේ templates ආදියයි. මේවා මගින් වර්ඩ්ප්‍රෙස් මගින් සාදා ඇති බ්ලොග් අඩවියේ පෙනුම තමන්ට අවශ්‍ය ආකාරයට සකසාගත හැකියි.

වර්ඩ්ප්‍රෙස් සඳහා ප්ලගින එක්කිරීමේ ක්‍රම කිහිපයක් තිබෙනවා. වර්ඩ්ප්‍රෙස් 2.7 පෙර අනුවාද වලදී මෙය සම්පූර්ණයෙන්ම අතින් කිරීමට සිදුවුවත් 2.7 වලින් පසු අනුවාද වලදී මෙය ස්වයංක්‍රීයවම කිරීමේ හැකියාව ලැබෙනවා. අපි මුලින්ම ප්ලගිනයක් පැරණි ආකාරයට ස්ථාපනය කර බලමු.

අපි මේ සඳහා ප්‍රතිචාර දැක්වීමේදී වැදගත් වන OpenID නම් ප්ලගිනය ස්ථාපනය කරමු. අප මෙය සිදුකරන්නේ පරිගණකයේ වුණත් සර්වරයකදී සිදු කරන්නේත් මේ ක්‍රියාවලියමයි. එහිදි FTP මෘදුකාංගයක් භාවිතා කරන්නට පුළුවන්.




මුලින්ම OpenID ප්ලගිනය ලබාගනිමු. මේ සඳහා http://wordpress.org/extend/plugins/openid/ වෙත පිවිසෙන්න. ඔබට අවශ්‍ය ඕනෑම ප්ලගිනයක් http://wordpress.org/extend/plugins/ වෙත ගොස් සොයා බැලීමෙන් ලබාගන්නට පුළුවන්. මෙතැන නොමැති ප්ලගින ගූගල් වැනි සෙවුම් යන්ත්‍රයකින් සොයා බලන්නට පුළුවන්. සාමාන්‍යයෙන් අපට අවශ්‍ය වන ඕනෑම ක්‍රියාකාරිත්වයක් මේ ප්ලගින මගින් වර්ඩ්ප්‍රෙස් වෙත එක් කළ හැකියි.

දැන් මේ පිටුවේ ඇති Download බොත්තම මත ක්ලික් කර ගොනුව ලබාගන්න (Figure 1). ඉන්පසු මෙය විවෘත කර එහි ඇති OpenID නම් ගොනුව ඔබේ වර්ඩ්ප්‍රෙස් ස්ථාපනයේ wp-content/plugins වෙත පිටපත් කරන්න.





Figure 1: Download බොත්තම මත ක්ලික් කර ගොනුව ලබාගන්න







Figure 2:
වර්ඩ්ප්‍රෙස් ස්ථාපනයේ wp-content/plugins වෙත පිටපත් කිරීම.













දැන් කරන්නට තිබෙන්නේ මේ ප්ලගිනය සක්‍රිය කිරීමයි. මේ සඳහා XAMPP සර්වරය ක්‍රියාත්මක කිරීමෙන් පසු බ්‍රවුසරයෙන් http://localhost/myblog/wp-admin වෙත යන්න. මෙහිදී මුරපදය විමසුවහොත් ඔබ පෙරදී ලබාදුන් මුරපදය ලබාදෙන්න.

දැන් මෙහි පැතිපුවරුවේ Plugins හි Installed වෙත පිවිසෙන්න. මෙතැනදී ඔබට ඔබ පිටපත් කළ ප්ලගිනය දැකගන්නට පුළුවන්. දැන් එය ඉදිරියෙන් ඇති Activate සබැඳුම මත ක්ලික් කරන්න. එපමණයි.


   



       Figure 3: Activate සබැඳුම මත ක්ලික් කරන්න









දැන් ඔබේ ප්ලගිනය සක්‍රියයි. දැන් ඔබට අවශ්‍ය නම් Settings හි OpenID වෙත ගොස් එහි සැකසුම් අවශ්‍ය පරිදි සකසන්නට පුළුවන්. බොහෝ ප්ලගින මගින් මෙවැනි විකල්පයක් Settings වෙත යවන නිසා ඔබට අවශ්‍ය පරිදි සකසාගන්නට පුළුවන්.







                Figure 4: Pluging Activated


දැන් බලමු ප්ලගිනයක් ස්වයංක්‍රීයව ස්ථාපනය කරන ආකාරය.





මේ සඳහා Plugins යටතේ ඇති Add New මත ක්ලික් කරන්න. ඉන්පසු ඔබට අවශ්‍ය ප්ලගිනයක ක්‍රියාකාරිත්වයක් හෝ නමක් ලබාදෙන්න. අපි මේ සඳහා stats යන්න පාවිච්චි කරමු. එවිට අපට ඒ සඳහා ගැළපෙන ප්ලගින ලැයිස්තුවක් ලැබෙනවා (Figure 4). දැන් කරන්නට තිබෙන්නේ අවශ්‍ය ප්ලගිනය තෝරා Install මත ක්ලික් කිරීම පමණයි.








             Figure 5: ගැළපෙන ප්ලගින ලැයිස්තුව






එවිට ලැබෙන පැනලයේ Install Now මත ක්ලික් කරන්න. එවිට එය ස්වයංක්‍රීයව ස්ථාපනය වෙනු ඇති.










            Figure 6: Install Now මත ක්ලික් කරන්න





ස්ථාපනය වූ පසු එය සක්‍රිය කිරීම සඳහා Activate Plugin මත ක්ලික් කරන්න. එපමණයි.

ඔබ පාවිච්චි කරමින් සිටින ප්ලගිනයක් ක්‍රියාවිරහිත කිරීමට අවශ්‍ය නම් කළ යුත්තේ Deactivate මත ක්ලික් කිරීමයි.

යම් හෙයකින් ප්ලගිනයක ක්‍රියාකාරිත්වය වෙනස් කිරීමට අවශ්‍ය වුවහොත් Edit මත ක්ලික් කිරීමෙන් ප්ලගිනයේ php ගොනු සංස්කරණය කළ හැකියි.





                    Figure 7: Activate Plugin






තේමා ස්ථාපනය සිදුකරන්නේත් මේ ආකාරයටමයි. නමුත් එහි ස්වයංක්‍රීය ක්‍රමයක් දැනට නැහැ. එනිසා එම ගොනු wp-content/themes වෙත පිටපත් කළ යුතුයි.

එසේ පිටපත් කිරීමෙන් පසු පාලක පැනලයේ Appearance යට‍තේ ඇති Themes මගින් නව තේමා තෝරාගත හැකියි.






                    Figure 8: තේමා ස්ථාපනය



Share/Save
No votes yet

Post new comment

  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Allowed HTML tags: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Lines and paragraphs break automatically.

More information about formatting options