Funding for 'IT Lab' Project, Phase 1: Progress of sticker sales. Purchase a sticker to help us reach our target.Updated: 2010-02-28 11:53
Python(පයිතන්) හඳුනා ගනිමු
by Dasun Weerasinghe
First steps of Python
පසුගිය කොටසින් අපි පයිතන් හා බැඳුන් වට පිටාව ගැන සොයා බැලුවා. මෙවර අපි සත්‍ය ලෙසටම පයිතන් මගින් ක්‍රමලේඛනයක් ලියන්න උත්සාහ කරමු.
Python IDLE (Integrated DeveLopment Environment)
පරිගණකය යනු ඉලෙක්ට්‍රොනික උපාංගයකි. පරිගණකය සඳහා ලියනු ලබන සියලුම වැඩසටහන් අවසානයේ මේ ඉලෙක්ට්‍රොනික දත්තයන් බවට පරිවර්තනය සිදු කළ යුතුය. අපි පරිගණකයට ලියනු ලබන වැඩසටහන් අප ලියන්නේ මනුෂයන්ට කියවිය හැකි ආකාරයටය. නමුත් පරිගණකයට වැටහෙනුයේ ඉලෙක්ට්‍රොනික භාෂාවය. එයට Machine Language යැයි අපි කියමු. එය binary නැතිනම් ද්වීමය සංක්‍යා වලින් සෑදුනු පරිගණක විධාන වලින් සමන්විත පරිගණකයේ ක්‍රියාකාරීත්වය සිදුවිය යුතු ආකාරය දැක්වෙන සම්මතයකි. පරිගණකය මේ ද්වීමය සංඛ්‍යා විදුලිය ඇත නැත යන පදනම මත තේරුම් ගනී. නමුත් මේ binary කේතයන් මිනිසින්ට තේරුම් ගැනීම අපහසුය. එසේම එම විධානයන්මගින් පරිගණකයට ක්‍රමලේකනය කිරීමට ඉතා දීර්ග කාලයක් වැය කිරීමට සිදුවේ. යම්කිසි ආකාරයකින් මිනිසුන්ට පවා කියවිය හැකි අයුරන් යම් යම් නීතී-රීතී අනුපිලිවලකට ලියන ලද විධානයන් සමූහයක් machine readable(පරිගණකයට කියවිය හැකි) ආකරයට පරිවර්තනය කරන මෘදුකාංගයට අපි compiler එකක් හෝ interpreter එකක් හෝ යැයි කියමු. එසේම එකිනෙකට වෙනස් වෙනස් ආකාරයට මේ නීති-රීති සමූහයන් සඳහා සම්මත මිනිසුන් විසින් සකසා ඇත. අපි පරිගණක භාෂාවන්(programming languages) ලෙස හඳුන්වන්නේ ඒවායි. මෙම සම්මතය ඉගනගත් විට මිනිසුන්ට කියවිය හැකි නිසා අපිට ඒවාට human readable කේතයන්(codes) ලෙස හඳුන්වයි.
මෙසේ human readable කේතයන් machine readable බවට පරිවර්තනය කිරීමේ ප්‍රධාන ක්‍රම දෙකක් වේ. එකක් නම් එක වරම human readable කේතයන් සියල්ල machine readable බවට පරිවර්තනය කිරීමයි. මෙම ක්‍රියාවලියට අපි compilation යැයි කියමු. මෙය සිදුකරන මූදුකාංගයට compiler ය යැයි කියයි. මෙසේ කම්පයිල් කරගත් පසුව මුල් human readable කේතය තව දුරටත් අවශ්‍ය නෙවේ. අවශ්‍ය වේනම් ඒ නැවත වෙනස් කමක් කිරීමට ඇත්නම් පමණි. මෙම ක්‍රමයේ අවාසියනම් එක් පරිගණක පද්ධතියක් සඳහා compile කරන ලද මෘදුකාංගයක් වෙනත් පද්ධතියක දාවන කිරීමට නොහැකි වීමයි. compiler ය විසින් විවිද පද්දති සඳහා compile කිරීමට පහසුකම් සලසා ඇතිනම් අපට විවිද පද්ධති (Windows/ Linux/ mac os ආදී...) සඳහා එකම human readable code එක කීපවරක් compile කිරීමට සිදුවනු ඇත. අනෙක් ක්‍රමය නම් human readable code පරිගනකය තුලදී දාවනය කිරීමට අවශ්‍ය විටදී එවෙලේම කොටසින් කොටස පරිවර්තනය කිරීමයි. මේ ක්‍රියාවලියට සිදුකරන මෘදුකාංගයට අපි interpreter යැයි කියමූ. මේ ක්‍රමයේ ඇති වාසියනම් interpreter ය සහය දක්වන ඕනෑම පද්ධතියක් තුල ධාවනය කළ හැකි වීමයි. අවාසිය නම් පරිගනකයට එක වර වැඩ දෙකක් කිරීමට සිදුවන නිසා(පරිවර්තනය සහ එම කේත ධාවනය) පරිගණක වැඩසටහන compiled පරිගණක වැඩසටහනකට වඩා වේගයෙන් තරමක් අඩු වීමයි.
බොහෝමයක් ලිනක්ස් පද්ධති සමග python ලැබෙනවා. වින්ඩොස් පද්ධතියකදී නම් http://www.python.org/ftp/python/2.6.1/python-2.6.1.msi මගින් python ස්තාපනය කරගන්න.
Python IDLE (Integrated DeveLopment Environment)
පයිතන් මගින් කේතනය ආරම්භ කරන්න හොඳම තැන තමයි මේක. ඇත්තෙන්ම මෙය විනෝදාත්මකයි. ගණක යන්ත්‍රයක් විදියටත් භාවිතා කරන්න පුළුවන්.
වින්ඩොස් පද්ධතියකනම් Start > All program > Python 2.6 > IDLE (Python GUI) යටතේ ධාවනය කළ හැකියි. Linux පද්ධතියකනම් Terminal එක මත python ලෙස ටයිප් කිරීම මගින් ලබාගන්න පුළුවන්.
දැන් පළමු කේතය ලියන්නට පටන්ගමු. සාම්ප්‍රදායික ලෙස මුල්ම වැඩ සටහන සඳහා Hello World යන වචන දෙක මුද්‍රනය කරන ආකාරය බලමු. මේ සඳහා IDLE එකේ print "Hello World!" ලෙස සටහන් කරන්න.

IDLE එක ගණක යන්ත්‍රයක් ලෙස
එසේම ඔබට IDLE එක ගණක යන්ත්‍රයක් ලෙස භාවිතා කළ හැකියි. මේ උදාහරණ කීපයක්.
>>> 1+4
5
>>> 30+99
129
>>> 1125+5374
6499
>>> 7-6
1
>>> 14-20
-6
>>> 5*5
25
>>> 5**2
25
#මෙහිදී 5**2 මගින් 5හි දෙවන බලය හඟවයි. ** මගින් සංඛ්‍යාවක බලය දක්වනු ලබයි.
>>> 6/2
3
>>> 10/3
3
#ඉතිරිය නොසලකා ඇත
>>> 10.0/3.0
3.3333333333333335
#දශම සහිතව සංඛ්‍යා බැවින් ඉතිරිය දශම සහිතවම දක්වා ඇත
>>> 10%3
1
>>> 28%5
3
# “%” සලකුණ මගින් සංඛ්‍යාවක් බෙදූ පසු ලැබෙන ඉතිරිය දැන ගත හැක.
ගණිත සලකුණු
Command and description
+ Addition සංඛ්‍යා දෙකක් එකතු කරීම භවිතා කරයි
>>>4+5
9
- Subtraction සංඛ්‍යා දෙකක් අඩුකිරීමට කරීම භවිතා කරයි
>>>9-4
5
* Multiplication සංඛ්‍යා දෙකක් ගුණකිරීමට භවිතා කරයි
>>>3*6
18
/ Division සංඛ්‍යා දෙකක් බෙදීමට භවිතා කරයි
>>>9/3
3
% Remainder සංඛ්‍යා දෙකක් බෙදූවිට ලැබෙන ඉතිරය දක්වයි.
>>>9%2
1
** Exponent සංඛ්‍යායවක බලය දක්වයි.(දර්ශකය)
>>>9**3
729
ඔබ 6 වසරේ ගණිතයේ උගත් ගණිත සලකුණු වල ප්‍රමුතා ලැයිතුව මතක ඇතැයි සිතමි. එය නැවත python ට අදාල වන පරිදි සකස්කර මෙසේ කියමු.
මුලින්ම වරහන් තුල ඇති සංඛ්‍යා සුළු කරන්න.
දෙවනුව ** සහිත සංඛ්‍ය සුළු කරන්න.
තෙවනුව පිළිවළින් * , \ සහ % සහිත සංක්‍යා සුළු කරන්න.
අවසානයට පිළිවලින් + සහ – සහිත සංඛ්‍යා සුළු කරන්න.
>>> (15 - 7)*23%3
1
>>> 15 - 7*23%3
13
>>>
(15 – 7)*23%3 යන ගණිත ගැටළුව python විසින් සුළු කරන ලද ආකාරය සිතා බලමු.
පලමුව වරහන් තුල ඇති සංඛ්‍යාව සුළු කළ යුතුයි. එවිට ,
8*23%3 යන සංක්‍යාව ලැබේ.
දැන් 8 සහ 23 ගුණ කළ යුතුය. එවිට,
184%3 යන සංක්‍යාව ලැබේ.
දැක් 184, 3න් බෙදුවිට ලැබෙන ඉතිර ගණන සෙවිය යුතුය. එවිට පිළිතුර ලෙස,
1 යන සංක්‍යාව ලැබේ.
මෙලෙසම 15 – 7*23%3 යන ගණිත ගැටළුව විසඳන ආකාරයගැන සිතන්නනට උත්සාහ කරන්න. ඊලඟ කොටසේදී සැබෑලෙසම පරිගණක කේතයක් ලියන්නට උත්සහ කරමු. එවිට ඔබ විසින් ලියන ලද කේතයන වෙනත් ඕනෑම පරිගණකය ධවනය කීරීමට ඔබට හැකි වෙනු ඇත.
Previous Article
Post new comment