by Rahula Samaranayakeපරිගණක පද්ධතියට සම්බන්ධ/ඈඳුම් (connect) කර ඇති උපක‍්‍රම පර්යන්ත උපක‍්‍රම ලෙස හැඳින්වේ. මේවා ප‍්‍රධාන සැකසුම් ඒකකයේ
(Central Processing Unit
- CPU) පිටතින් පවතින නමුත් පරිගණකයේ පාලනය සතු වේ.
පර්යන්ත උපක‍්‍රම ප‍්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා වෙන්කර දැක්විය හැකිය.
1. ආදාන උපක‍්‍රම (Input devices)
2. ප‍්‍රතිදාන උපක‍්‍රම (Output devices)
3. ගබඩා උපක‍්‍රම (Storage devices)
පරිගණක පද්ධතියකට සැකසීම
(Process) සඳහා දත්ත ඇතුළත් කරන උපක‍්‍රම ආදාන උපක‍්‍රම ලෙස හැඳින්වේ. එසේ පරිගණකය මඟින් සකසන ලද දත්ත පරිගණකයෙන් පිට කිරීම
(Output) සඳහා යොදාගන්නා උපක‍්‍රම ප‍්‍රතිදාන උපක‍්‍රම
(Output devices) ලෙස හැඳින්වේ. ඇතැම් උපක‍්‍රම භාවිත කරන්නේ දත්ත ගබඩා කර තබාගැනීම පිණිසය. මේවා ගබඩා උපක‍්‍රම
(Storage devices) ලෙස හැඳින්වේ.
ප‍්‍රදාන ප‍්‍රතිදාන ගබඩා
(input) (Output) (storage)
මූසිකය
(mouse) මුද්‍රකය (Printer) දෘඩතැටිය
(Hard disk)
යතුරු පුවරුව (Key board) ස්පීකරය (Speaker) නම්‍ය තැටිය
(Floppy disk)
සංගෘහිත තැටි ධාවක(CD players)
නම්‍ය තැටි ධාවක
(Floppy disk drive)



අප දැන් මුලින්ම ප‍්‍රදාන උපක‍්‍රම
(Input devices) අධ්‍යයනය කරමු.
1. මූසිකය (Mouse)
පරිගණක තිරයේ ඇති කර්සරය
(Curser) චලනය කිරීමට හෝ යමක් සක‍්‍රිය
(Activate) කිරීමට අවශ්‍ය වූ විට මූසිකය යොදා ගනී. භාවිත කරන්නාගේ අතෙහි චලනය සහ තද කිරීම්
(Click) සංවේදනය කර, ඒවා පරිගණකය වෙත සංඥා ලෙස ලබාදීම මෙමඟින් සිදුකරයි. එවිට පරිගණකය මඟින් ඊට අදාලව ඉක්මණින් ප‍්‍රතිචාර
(Response) ලැබේ. මූසික ක‍්‍රියාත්මක වන ආකාරය අනුව දෙවර්ගයකි.
- සාමාන්‍ය මූසිකය (Normal mouse)
- ප‍්‍රකාශ මූසිකය (Optical mouse)
වර්තමානයේ ප‍්‍රකාශ මූසිකය ඉතා ප‍්‍රචලිත වී ඇත. ඊට හේතුව ඒවා ඕනෑම මුහුණතක් මත
(Surface) තබා භාවිත කිරීමට හැකි වීමයි. නඩත්තු කිරීමේ අවශ්‍යතාවය අඩුවීම ද මෙහි ඇති වාසියකි.
පරිගණක යතුරු පුවරු
(Computer Keyboard)
- යතුරු -101 වැඩි දියුණු කරන ලද යතුරු පුවරුව
(101-Key Enhanced Keyboard)
- යතුරු -104 වින්ඩෝස් යතුරු පුවරුව
(104-Key Windows
Keyboard)
- යතුරු -82 ඇපල යතුරු පුවරුව
(82-Key Apple Standard Keyboard)
- යතුරු -108 ඇපල් දිගු යතුරු පුවරුව (108-Key Apple Extended Keyboard)
ඕනෑම යතුරු පුවරුවක පහත දැක්වෙන යතුරු ආකාර 4 පවතී.
- ටයිප් කරන යතුරු (Typing Keys)
- අංකමය යතුරු පුවරුව
(Numeric Keypad)
- ක‍්‍රියාකාරී යතුරු
(Function Keys)
- පාලන යතුරු
(Control Keys)
ටයිප් කිරීම සඳහා අක්‍ෂර යතුරු (Letter keys) භාවිතා වේ. මෙම අක්‍ෂර වල පිහිටීම සමාන්‍ය යතුරු ලියනයක (Type writer) යතුරු වල පිහිටීම ගනී. බොහෝ යතුරු පුවරු
(Qwerty) වින්‍යාසය ගනී. එනම්, යතුරු පුවරුවේ මුල් කොටසේ එක පිළිවෙලට ඇති අක්‍ෂර පිළිවෙල
(Qwerty) යි.
යතුරු 17 කින් සමන්විත අංක සහ කාරක