ලෝකයම දැන් විශ්ව ගම්මානයකි. තොරතුරු හුවමාරුවට භෞතික සාධක වන දුර ප‍්‍රමාණය තව දුරටත් බාධාවක් නොවේ. අන්තර්ජාලය ලෝකයේ සෑම අස්සක් මුල්ලක් පුරාම පැතිර පවතී. එහි අඩංගු බිලියන ගණනක් වූ වෙබ් අඩවි වලින් ඔබට අවශ්‍ය ඕනෑම තොරතුරක් සොයා ගැනීමට ගත වන්නේ තත්පර කිහිපයක් පමණි.
අන්තර්ජාලය තුල විනෝදාස්වාදය සපයන වෙබ් අඩවි ඉතා විශාල ප‍්‍රමාණයක් ඇත්තේ එ්වාට ඇති ජනතා ඉල්ලීමද ඉතා විශාල වන බැවින. මේ අතරින් සිනමාව පිළිබඳ සැකසුනු වෙබ් අඩවි සුවිශේෂ වේ. හොලිවුඩි හා බොලිවුඩි සිනමා වෘතිකයන්ට මෙන්ම රසිකයන්ටද අන්තර්ජාලය නැතිවම බැරි අංගයක් බවට පත් වී ඇත. චිත‍්‍රපටයක් නිකුත්වීමට ප‍්‍රථමයෙන්ම පවා රසික සිත් තුල එම චිත‍්‍රපටය පිළිබඳව උනන්දුවක් ඇති කිරීම සඳහා අන්තර්ජාලය බහුලව යොදා ගනී. චිත‍්‍රපට වල ඡුායාරූප දැන්වීම් ගීත සහ චිත‍්‍රපටයේ විශේෂ අවස්ථා අන්තර්ජාලයේ ප‍්‍රසිද්ධ කිරීමෙන් එ් හරහා චිත‍්‍රපට නැරඹීම පිණිස විශාල රසික ප‍්‍රමාණයක් අද්දවා ගත හැකි බව හොලිවුඩි හා බොලිවුඩි චිත‍්‍රපට නිෂ්පාදකයෝ හොඳින් දනිති.
අන්තර්ජාලය අනෙකුත් ජනමාධ්‍යයන්ට වඩා ප‍්‍රචලිත වීමට එක් ප‍්‍රධාන හේතුවක් වන්නේ එහි ඇති සජීවී බවයි. ඔබ සිනමා රසිකයෙක් නම් ඔබට ඔබේ ප‍්‍රියතම චිත‍්‍රපටය හෝ කලාකරුවා පිළිබඳ විවේචන හෝ අගය කිරීම් අන්තර්ජාලයට එක් කල හැකිය. එසේත් නැතිනම් රසික සමාජ වලට ඇතුලත් වී සහෘදයන් සමග තමන්ගේ අදහස් තොරතුරු හුවමාරු කර ගත හැක. ලෝකය පුරා ජාති ආගම් භේදයකින් තොරව එකිනෙකා හඳුනා ගත හැක. අන්තර්ජාලයේ මෙම සජීවී බව හා නිරන්තර යාවත්කාලීන වන තොරතුරු අඩංගු වන ලක්ෂණය නිසා අන්තර්ජාලය කදිම රසික රසිකාවියන් ආකර්ෂණය කර ගන්නා මාධ්‍යයක් බවට පත්ව ඇත.
ශ්‍රී ලාංකීය සිනමාව පිළිබඳව සලකා බැලූවහොත් මේ දක්වා තිබූ තත්වය ඉතාමත් කණගාටුදායකය. චිත‍්‍රපට කිහිපයක පමණක් වෙබ් අඩවි නිර්මාණය කර තිබුනද අන්තර්ජාලයේ සැරිසරන මිලියන ගණනක් වු ශ්‍රී ලාංකිකයන්ට සිංහල සිනමාවේ තොරතු නිසි ලෙස ලබා ගත හැකි මූලාශ‍්‍රයක් පැවතුනේ නැත. www.films.lk වෙබ් අඩවිය මෙම කාලීන අවශ්‍යතාවය මනා ලෙස සැපිරිම උදෙසා වෙන්වූ වෙබ් අඩවියකි. මෙහි සිංහල සිනමාවේ ප‍්‍රථම කතා නාද චිත‍්‍රපටය වූ කඩවුනු පොරොන්දුව නිකුත් වූ 1947 සිට මේ දක්වා සියළුම චිත‍්‍රපට වල විස්තර සහ එම චිත‍්‍රපට වලට දායකත්වය ලබා දුන් කලාකරුවන් පිළිබඳ ඡුායාරූප සහ තොරතුරු ඉතා විශාල ප‍්‍රමාණයක් අඩංගුව ඇත.
නව පරපුරේ කලාකරුවන්ගේ මෙන්ම පැරණි අප අතර නොමැති කලාකරුවන්ගේද තොරතුරු විශාල ප‍්‍රමාණයක් මෙම වෙබ් අඩවියේ අඩංගු කර ඇත. මෙවැනි ක‍්‍රමවත් දත්ත මූලාශ‍්‍රයක් සිංහල සිනමාව පිළිබඳව වෙනත් කිසිම ආයතනයක් හෝ පුද්ගලයෙකු හෝ සතුව මෙතෙක් කල් නොපැවතිණි. රසික රසිකාවියන්ට පමණක් නොව සිනමාව පිළිබඳව ගවේශණය කරන හෝ තොරතුරු එක් රැුස් කරන ඕනෑම පුද්ගලයෙකුට මෙම වෙබ් අඩවිය මහඟු සම්පතකි.
මෙම වෙබ් අඩවියේ සිනමා නිර්මාණ එම නිර්මාණය නිකුත් වූ දශකය අනුව වර්ග කිරීමක් කර ඇත. එමෙන්ම දැනට තිරගත වන සිනමා නිර්මාණ හා ඉදිරියේ දී තිරගත වීමට නියමිත නිර්මාණ අදාල මාතෘකා යටතේ වෙනමම පෙළගස්වා ඇත. එමෙන්ම ඔබට අවශ්‍ය නිර්මාණයේ නම හෝ එහි කොටසක් ඇතුලත් කර වෙබ් අඩවියේ සෙවුම් යන්ත‍්‍රය යොදා ගනිමින් අදාල සිනමා නිර්මාණය කලාකරුවා හෝ කලාකාරිය මෙන්ම එම යෙදුමට අදාල ඡුායාරූප පවා ක්ෂණයකින් පෙළ ගස්වා ගත හැක.
කලාකරුවන් තමන්ගේ වෘතියට අනුව පෙල ගස්වා තිබෙනු දක්නට ලැබේ. එයට අමතරව එම කලාකරුවා හෝ කලාකාරියගේ රසිකයන් ප‍්‍රමාණය අනුව වැඩිම රසික රසිකාවියන් පිරිසක් සිටින කලාකරුවන් මුලින්ම දිස්වෙන පරිදි මුල් පිටුවේ පෙන්වා ඇත. තවද සතියේ කලාකරුවා කලාකරුවනගේ ආකර්ශණීය ඡුායාරූප ඇල්බම දැනට තිරගත වන චිත‍්‍රපටයේ ඡුායාරූප එහි වීඞීයෝ දර්ශණ චිත‍්‍රපටය නිපදවන අතරතුර ගන්නා ලද ඡුායාරූප වීඞීයෝ දර්ශණ ආදී ඉතාමත් ආකර්ශණීය දත්ත සමුදායක් මෙම වෙබ් අඩවිටය පිවිසෙන්නෙකුට දැක ගත හැක.
දැනට තිරගතවන සිනමා කෘති තිරගතවන සිනමා ශාලා සහ එම වේලාවන්ද මෙම වෙබ් අඩවියේ අඩංගු වේ. ඔබගේ ප‍්‍රදේශයේ සිනමාශාලා වල තිරගත වන චිත‍්‍රපටය දැනගැනීම සඳහා ඔබ තව දුරටත් සිනමා ශාලාව වෙත ගමන් කල යුතු නොවේ. මන්ද යත් www.films.lk වෙබ් අඩවිය එම තොරතුරු ඔබගේ පරිඝණක තිරය මතට මොහොතකින් ගෙනත් දෙන බැවිනි.
ඔබට සිනමා රසිකයෙක් ලෙස මෙම වෙබ් අඩවියේ සිදුකල හැකි ක‍්‍රියාකාරකම් රැුසකි. තමන්ටම වෙන් වූ ගිණුමක් ආරම්භ කිරීම. එමගින් වෙබ් අඩවියට ඇතුලත් වී තමන් සතු සනමාව පිළිබඳව තොරතුරු වෙබ් අඩවියට ඇතුලත් කිරීම. තමන්ගේ ප‍්‍රියතම කලාකරුවන් නම් කිරීම ප‍්‍රියතම සිනමා නිර්මාණ වලට මනාප එක් කිරීම චිත‍්‍රපට පිළිබඳව ද එමෙන්ම කලාකරුවන් පිළිබඳවද තමන්ගේ අදහස් වෙබ් අඩවියේ පල කිරීම අනෙකුත් සිනමා රසික රසිකාවියන් සමඟ තොරතුරු හුවමාරු කර ගැනීම කලාකරුවන්ට උපන් දින සුභ පැතුම් පලකිරීමද ඉන් සමහරක් පමණි.
රසිකයන් මෙම වෙබ් අඩවියට ඇතුලත් කරන තොරතුරු හා චිත‍්‍රපට හා කලාකරුවන් පිළිබඳව පල කරන අදහස් වලට ලකුණු ලබා දීමක් ද සිදුවන අතර වැඩිම ලකුණු ලබා ගන්නා රසික රසිකාවියන්ට වටිනා ත්‍යාග පිරිනැමීමටද www.films.lk කාර්යය මණ්ඩලය කටයුතු කිරීම පැසසුමට කරුණකි.
මෙම වෙබ් අඩවියේ නිර්මාතෘ ඉසුර වික‍්‍රමආරච්චි මහතා වෙබ් අඩවි නිර්මාණකරණයෙහි වසර ගණනාවක ඉතිහාසයක් ඇති දැනට ලංකාවේ වැඩිම වෙබ් අඩවි ප‍්‍රමාණයක් නිර්මාණය කර ඇති ඉසඳි ක‍්‍රිසේෂන්ස් ආයතනේ කළමනාකාර අධ්‍යක්ෂක වරයාය. වානිජමය වෙබ් අඩවි නිර්මාණකරණයේ වසර ගණනාවක් නිරත වී ඇති එ් මහතා මෙම www.films.lk වෙබ් අඩවිය රටටත් අපගේ සිනමාවටත් සේවාවක් කිරීමේ අරමුණින් නිර්මාණය කිරීමට අදහස් කල බව සඳහන් කරය. මෙම කර්තව්‍යයේ අසීරුම අදියර වූයේ තොරතුරු සොයාගැනීම බවත් එ් සඳහා දැඩි වෙහෙස මහන්සියක් දැරීමට සිදු වූ බවත් එතුමා සඳහන් කරයි. මේ අතර www.films.lk වෙබ් අඩවිය ලංකාවේ හොඳම වෙබ් අඩවිය ලෙස සම්මානයට පාත‍්‍රවීම තම ඉදිරි ගමනට මහත් වූ පිටිවහලක් බව එතුමා ව්ශේෂයෙන් සඳහන් කර සිටී.
මෙම සියවසේ බලය වන්නේ දැනුම සහ තොරතුරුය. අපේ රට අපේ සිනමාව අපේ කලාකරුවෝ තේමාව කරගත් www.films.lk වෙබ් අඩවිය සිංහල සිනමාවේ තොරතුරු හා දැනුම එක්රැුස් කොට අනාගත පරපුර වෙත දායාද කිරීමේ වටිනා ජාතික මෙහෙවරේ යෙදී සිටී. පාඨක ඔබගේ මෙන්ම ශ්‍රී ලාංකික සියළුම කලාකරුවනගෙන් අප ඉල්ලා සිටින්නේ ඔබ සතු සිනමාව පිළිබඳ තොරතුරු මෙම වෙබ් අඩවියට ලබා දී මෙම මහඟු කර්තව්‍යයට ඔබගේ දායකත්වය ලබා දෙන ලෙසිනි.
මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා 0714 316 134 ඉසුර හෝ info@films.lk යන විද්‍යුත් ලිපිනයෙන් අමතන්න.
Post new comment