Funding for 'IT Lab' Project, Phase 1: Progress of sticker sales. Purchase a sticker to help us reach our target.Updated: 2010-02-28 11:53
10.7%
පරිගණක වල පරිණාමය

by Rahula Samaranayake

ප‍්‍රථම පරම්පරා පරිගණක(1939-1954)(First generation computers)
රික්ත ටියුබ(Vaccum tubes)

1937

ජෝන් වී ඇටනසොෆ්(John V. Atanasoff)විසින් ප‍්‍රථම සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික පරිගණකය(digital electronic computer)සැළසුම් කරන ලදි.

1934

ඇටනසොෆ් සහ ක්ලිෆර්ඞ් බෙරී(Atanasoff and Clifford Berry) ABC පූර්වාදර්ශය(prototype) පැහැදිලි කරන ලදි.

1941

ජර්මනියේ කොන්රාඞ් සූස් (Konrad Zuse)විසින් රහසිගතව වැඩි දියුණු කරන ලදි.

1943

ජර්මානු පණිවිඩ ලිහීම (decode) සඳහා බි‍්‍රතාන්‍යයේ කොලෝසස් (colossus)වැඩි දියුණු කරන ලදි.

1944

නාවික හමුදාව සඳහා "Harvard Mark 1"නම් වූ යාන්ත‍්‍රික පරිගණකය(Mechanical computer)හොවර්ඞ් අයිකන්(Howard Aiken)විසින් වැඩි දියුණු කරන ලදි.

1945

එක්සත් ජනපද යුධ හමුදාව (US army) සඳහා ජොන් ඩබ්ලිව් මෝච්ලි (John w. Mauchly) සහ ජේ. ප්‍රෙස්පර් (J. Presper) විසින් ENIAC නිර්මාණය කරන ලදි.

1948

Harvard Mark iii ලෙස හැඳින්වූ රික්ත ටියුබ් 5000 කින් සමන්විත ඉලෙක්ට්‍රොනික පරිගණකය(Howard Aiken) හොවර්ඞ් අයිකන් විසින් වැඩි දියුණු කරන ලදි.

1949

මෝව්ලි (Mauchly) සහ ඊකරට් (Eckert) විසින් Nothrop ගුවන්යානය සඳහා වැඩසටහන් ගබඩා කර ඇති BINAC පරිගණකය සාර්ථකව පරීක්‍ෂා කරන ලදි. මෙහි රසදිය ප‍්‍රමාද මාග (Mercury delay line)සහ චුම්භක පට ගබඩා පද්ධති ලක්ෂණය ඇතුළත් (Magnetic type storage system) ප‍්‍රථම වාණිජමය පරිගණකය (commercial computer) වන්නේ මෙයයි. මෙහි UNISERVO ලෙස හැඳින්වුණු පටි ධාවක (tape drives) 8ක් ඇතුළත් විය. මේවා මධ්‍ය සැකසුම් එ්කකයට (CPU) පිටින් පිහිටා තිබිණ.

1950

විලියම් සී. නොරිස් (William C. Norris) සෙන්පති (Commander) විසින් Atlas වැඩි දියුණු කිරීමට ඉංජිනේරු පර්යේෂණ සමාගම (Engineering research Associates) සඳහා මග පෙන්වන ලදි. එහි උස අඩි 38 ක් වූ අතර පළල අඩි 20ක් විය. එහි රික්ත ටියුබ 2700ක් අඩංගු විය.

1951

රුසියාවේ MESM පරිගණකය S. A. ලෙබීඩිව් (S.A. Lebedev) විසින් වැඩි දියුණු කරන ලදි.

1951 මාර්තු 30 වන දින රෙමින්ටන් න්ඞ් (Remington Rand) විසින් සාර්ථකව UNIVAC පරීක්‍ෂා කරන ලදි. තවද මෙය මහජනයා සඳහා අලෙවි කිරීමට සූදානම් බව ප‍්‍රකාශ කරන ලදි.

1952

1952 නොවැම්බර් හිදී ජනාධිපති ජන්ද ලැබීම් ගණනය කිරීමට UNIVAC 1 යොදා ගන්නා ලදි. මෙය සාර්ථකව ජයග‍්‍රාහකයා අනුමාන කරන ලදි. නමුත් රූපවාහී ජාල අනුමාන කිරීම් එකල ප‍්‍රතික්‍ෂේප කර තිබිණි.

 

දෙවන පරම්පරා පරිගණක (1954 - 1959) (Second generation computers)
ට‍්‍රාන්සිස්ටරය - (Transistor)

1950

NBS (National Burean of Standards) විසින් SEAC පරිගණකය (Standard Eastern Automatic computer) හඳුන්වා දෙන ලදි. මෙහි තාර්කික පරිපථයේ (logic circuit) අළුතින් වැඩි දියුණු කරන ලද ජර්මේනියම් දියෝඩ (Germanium Diodes) 10000 සහිතව ජේකොබ් රැබිනව් (Jacob Rabinow) විසින් ප‍්‍රථම වරට සැලසුම් කරන ලදි. මෙහි චුම්භක තැටි ධාවකයක් (First magnetic disk drive) අඩංගු විය.

1953

ටොම් වොට්සන් (Tom watson) විසින් 604 මාදිලියේ (model) පරිගණකය හඳුන්වා දීම සඳහා IBM ආයතනයට මඟ පෙන්වන ලදි. එය ට‍්‍රාන්සිස්ටර අඩංගු මුල්ම පරිගණකය වූ අතර 1957 දී නිෂ්පාදනය වූ 608 මාදිලියේ පරිගණකයට පදනම විය. 608 මාදිලියේ පරිගණකය වාණිජ වෙළඳපොලේ ප‍්‍රථම ස්ථාවර පරිගණකය විය. මුල් කාලයේදී ට‍්‍රාන්සිස්ටයක් ඩොලර් 8 ක් ද රික්ත ටියුබයක් ඩොලර් 0.75 පමණද මිල විය. නමුත් ට‍්‍රාන්සිස්ටර් රේඩියෝ(transistor radios) වල සාර්ථක ප‍්‍රතිඵල දුටු වොට්සන් එ්වා ඔහුගේ ඉංජිනේරුවන්ට අධ්‍යයනය කිරීමට ලබා දුන්නේය.

1955

IBM ආයතනය විසින් 702 වෙළෙඳ පරිගණකය හඳුන්වා දෙන ලදි.

1956

හි හැරී හස්කි (Harry Huskey) විසින් සැලසුම් කරන ලද Bendix G-15A කුඩා වෙළෙඳ පරිගණකය ඩොලර් 45000 ක මුදලකට අලෙවි විය.

 

තෙවන පරම්පරා පරිගණක (1959 - 1971) (Third generation computers)
සංගෘහිත පරිපථ (Intergrated Circuits -IC)

1959

1959 පෙබරවාරි මාසයේදී ජැක් කිල්බ් (Jack kilby) විසින් ප‍්‍රථම සංගෘහිත පරිපථය (Intergrated circuit) සඳහා පේටන්ට් (patent) බල පත‍්‍රය ලබා ගන්නා ලදි. කිල්බ් (Kilby) විසින් ඔහුගේ ප‍්‍රථම ජර්මේනියම් සංගෘහිත පරිපථය (Germanium IC) 1958 වර්ෂයේදී නිර්මාණය කර තිබිණි. සිලිකන් සංගෘහිත පරිපථයක (Silicon IC) ඇති සංරචක (Components) එකිනෙක සම්බන්ධ කිරීමට තලීය ක‍්‍රියාවලියක් (Planer Process) රොබට් (Robert Neyce) විසින් 1959 මුල් භාගයේදී සොයා ගන්නා ලදි. සංගෘහිත පරිපථ (IC) යොදා ගනිමින් කරන ලදි මුල්ම වාණිජමය නිෂ්පාදනය වුයේ 1963 දී නිකුත් කරන ලද ශ‍්‍රවණාධාරයයි (Hearing aid).

1964

IBM ආයතනය විසින් ඇමරිකානු ගුවන් සමාගම (American Airlines) සඳහා මුල් වරට SABRE නම් වූ ගුවන් ගමන් පරීක්‍ෂා කිරීමේ කිරීම් පද්ධතියක් (Airline reservation tracking system) නිර්මාණය කරන ලදි. System/360 සියළු අරමුණු පරිගණකයක් (all purpose computer) ලෙස IBM සමාගම විසින් දැනුම් දෙන ලදි.

1968

PDP -8 ලෙස හැඳින්වූ ප‍්‍රථම කුඩා පරිගණකය (Mini-Computer) DEC විසින් හඳුන්වාදෙන ලදි.

1969

එක්සත් ජනපදයේ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් මූල්‍යාධාර ලබාගෙන (Department of Defence) ARPA net හි වැඩි දියුණු කිරීම් කටයුතු අරඹන ලදි.

1971

Intel සමාගම විසින් විශාල පරිමාණ සංගෘහිත පරිපථ (Large Scale Intergrated Circuits) නිෂ්ාදනය කරන ලදි. මේවා ප‍්‍රථම සංඛ්‍යාංක ශ‍්‍රව්‍ය උපක‍්‍රමය (Digital Audio Device) වන Digital dealy line තුළ යොදා ගන්නා ලදි.

Share/Save
No votes yet

Post new comment

  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Allowed HTML tags: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Lines and paragraphs break automatically.

More information about formatting options