Funding for 'IT Lab' Project, Phase 1: Progress of sticker sales. Purchase a sticker to help us reach our target.Updated: 2010-02-28 11:53
Database Management Systems
Relational Data Model - I
අප කලින් සඳහන් කල ආකාරයට Database Management System එකක දත්ත අතර මනා සම්බන්ධතාවයක් තිබිය යුතුයි. මුල් කාලයේ මේ සම්බන්ධතාව අර්ථ දැක්වූයේ හාඞ් ඩිස්ක් එක තුල දත්ත ගබඩා වී ඇති ස්ථාන වල ලිපිනයන් මගින්. නමුත් මෙය අසාර්ථක ක‍්‍රමයක් බවට පත්වුනේ ඬේටාබේස් එකක දත්ත හාඞ් ඩිස්ක් එකේ කෙසේ ගබඩා වී ඇත්දැයි හරියාකාරව පැවසීම අසීරු වීම නිසායි.
1970 දී එඞ්ගා ෆ‍්‍රෑන්ක් කොඞ් විසින් Relational Data Model හඳුන්වාදීමත් සමගම මෙම ක‍්‍රමය වෙනස් වුනා. අලූත් ක‍්‍රමයට අනුව දත්ත අතර තාර්කික සම්බන්ධතා ගොඩනගාගැනුනා. මේවා භාවිතයෙන් ඬේටාබේස් එකක දත්ත වඩාත් ක‍්‍රමවත්ව එකිනෙක හා සම්බන්ධ කරගැනීමට හැකියාව ලැබුනා.
කොඞ් ගේ ආකෘතිය කොටස් 3න් යුක්තයි.
- Relational Database Objects
ඬේටාබේස් එක කුඩා කොටස් වලට බෙදා සංවිධානය කිරීම මෙමගින් සිදුකෙරුනා. - Relational Integrity Constraints
database management system එකකින් අප බලාපොරොත්තු වන අන්දමේ ක‍්‍රියාකාරීත්වයක් ලබාගැනීම සඳහා එය පිලිපැදිය යුතු යම් යම් රීතීන් මෙමගින් දැක්වෙනවා. - Relatonal Operators
ඬේටාබේස් එකේ දත්ත වලින් අපට අවශ්‍ය තොරතුරු උකහා ගැනීමට එම දත්ත මත සිදුකල හැකි කර්ම මෙම යටතට ගැනෙනවා. මෙය Relational Algebra යනුවෙන්ද හඳුන්වනවා.
Relational Database Objects
ඬේටාබේස් එකක ඇති ප‍්‍රධානතම අංගය Relations කියලා කියන්න පුලූවන්. මේ නම ඔබට තරමක් නුපුරුදු වුවත් කලබල විය යුතු නැහැ. අප සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිත කරන Tables යන නමින් හඳුන්වන්නෙත් මේ Relationsu තමයි. පරිගණක විද්‍යාත්මකව Relation එකක් යනු 2 dimensional array එකක් ලෙස හඳුන්වන්න පුලූවන්. සාමාන්‍ය ඒඉකැ එකක් ආකාරයටම මෙහි rows හා columnss අන්තර්ගතයි.
ඬේටාබේස් එකක ඇති රිලේෂන් වල ගතිගුණ දැන් විමසා බලමු,
- එක් ඬේටාබේස් එකක ඇති රිලේෂන් වලට අනන්‍ය (unique) නමක් තිබිය යුතුයි. එනම් එක ඬේටාබේස් එකක් තුල එකම නමින් රිලේෂන් දෙකක් පැවතිය නොහැකියි.
- රිලේෂන් එකක එක් පේලියක් (row) අනන්‍ය විය යුතුයි. එනම් එක සමාන පේලි 2ක් තිබිය නොහැකියි.
- රිලේෂන් එකේ සෑම තීරුවකටම (column) එකකටම අනන්‍ය නමක් තිබිය යුතුයි.
- රිලේෂන් එකක තීරු වලට නිසි පිලිවෙලක් අවශ්‍ය නැහැ. ඒවා ඕනෑම පිලිවෙලකට තිබිය හැකියි.
- රිලේෂන් එකක පේලි වලටද නිසි පිලිවෙලක් නැහැ.
relational database objects යටතට ගැනෙන අනෙක් දේ පිලිබඳව මදක් විමසා බලමු.
- record/tuple - මෙනමින් හඳුන්වන්නේ රිලේෂන් එකක ඇති පේලි (rows) වේ.
- field - මෙනමින් හඳුන්වන්නේ රිලේෂන් එකක ඇති තීරු (columns) වේ
- attribute - තීරු (rows) වල නම් මෙනමින් හඳුන්වනවා.
- domain - එක් පේලියක තිබිය හැකි දත්ත වල සීමාව මෙනමින් හඳුන්වනවා. උදාහරණයක් ලෙස එක්තරා පේලියක දත්තය අංකයක් නම්, එහි අවම අගය, උපරිම අගය, දශමස්ථාන සංඛ්‍යාව වැනි සීමාවන් මෙනමින් හඳුන්වනවා.
- cardinality - රිලේෂන් එකේ අඩංගු පේලි ගණන මෙනමින් හඳුන්වනවා.
- degree - රිලේෂන් එකේ අඩංගු තීරු ගණන මෙනමින් හඳුන්වනවා.
Relational Integrity Constraints
Keys
relational data model එකේදී key එකක් යනුවෙන් හැඳින්වෙන්නේ රිලේෂන් එකක යම් පේලියක් වෙන්කර හඳුනාගත හැකි එහි අගයයක් සහිත තීරුවක්. උදාහරණයක් ලෙස පහත දැක්වෙන රිලේෂන් එක බලන්න.
| NIC_no | Name | Height | Weight | City |
මෙහි National ID number එකෙන් මෙහි සිටින අය වෙන්කර හඳුනාගත හැකි නිසා එය key එකක්. (මක්නිසාදයත් එකම නම ඇති දෙදෙනෙක් සිටීමේ සම්භාවිතාවක් ඇති නිසා) ඒ නිසා NIC_no යන තීරුව key field එකක් ලෙස හඳුන්වනවා. මෙය identifier යනුවෙන්ද හඳුන්වනවා.
key එකක මෙම ලක්ෂණ හඳුනාගන්න පුලූවන්,
- key එකෙහි අගය අනන්‍ය විය යුතුයි. එක් රිලේෂන් එකක key field එක සමාන පේලි 2ක් තිබිය නොහැකියි
- key field එකේ අගය හිස්ව (null) පැවතිය නොහැකියි. සෑමවිටම අගයක් පැවතිය යුතුයි.
- key field එකේ අගය නිතර වෙනස්වන එකක් නොවිය යුතුයි. ඉහත උදාහරණයේ height යන්න key field එකක් නොවන්නේ එකම පුද්ගලයාගේ උස වෙනස් විය හැකි නිසයි. නමුත් හැඳුනුම්පත් අංකය වෙනස් වෙන්නේ නැහැ.
අදට පාඩම මෙයින් අවසන් වෙනවා. ඊලඟ පාඩමෙන් අපි DBMS එකක ඇති විවිධ keys වර්ග හා Integrity Rules ගැනත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.
by
Post new comment