Funding for 'IT Lab' Project, Phase 1: Progress of sticker sales. Purchase a sticker to help us reach our target.Updated: 2010-02-28 11:53
10.7%
Linux Shell Scripting සිංහලෙන්
සමීර ශාකුන්තල

ලිනක්ස් පාරිසරිකය තුළ දී shell sript සකස් කර ගන්නා ආකාරය පිළිබඳ මෙම ලිපි පෙළින් ඉදිරිපත් කෙරේග මේ සඳහා ඔබ ලිනක්ස් විධාන පෙළ අතුරුමුහුණත (command line interface - terminal) භාවිත කිරීම පිළිබඳ යම් අත්දැකීමක් ලබා තිබීම ප්‍රමාණවත් වේ.

හැඳින්වීම.

Shell Scripting යනු එකක් පසුපස එකක් ලෙස පිළිවෙළින් ක්‍රියාත්මක (execute) වන ආකාරයටල සාමාන්‍ය පාඨ ගොනුවක් තුළ පෙළගැස්වූ විධාන වල එකතුවක් ලෙස සරලව හැඳින්විය හැකිය. මෙය වඩා හොඳින් දැන ගැනීම සඳහා අපි පළමුව ලිනක්ස් පිලිබඳ දළ අවබෝධයක් ලබා ගනිමු.

ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ හදවත ලෙස හැඳින්විය හැකි එහි මධ්‍යම සංරචකය (core software component) වන්නේ ලිනක්ස් කර්නලයයි (kernel).පරිගණකයේ පද්ධති සම්පත් කළමනාකරණය හා දෘඩාංග සමඟ සම්බන්ධ වෙමින් ඒවායේ පාලනය සිදු කරනු ලබන්නේ කර්නලය මගිනිග නමුත් පරිශීලක විසින් ලබා දෙනු ලබන විධාන තේරුම් ගැනීමේ හැකියාවක් කර්නලය සතුව නොමැත. පරිශීලක විසින් ලබා දෙනු ලබන විධාන කර්නලයට තේරුම් ගත හැකි වන පරිදි පරිවර්තනය කිරීම සඳහා ලිනක්ස් තුළ ඇති මෘදුකාංග අතුරුමුහුණත පොදුවේ  Shell” ලෙස හඳුන්වනු ලැබේ. පරිගණකයට විධාන ලබා දීමටත්ල ඒවායේ ප්‍රතිදාන ලබා ගැනීමටත්  Shell  මගින් පරිශීලකයා හට පහසුකම් ලබා දේ.


BASH, CSH, KSH යනාදී වශයෙන් ලිනක්ස් මත භාවිතා කළ හැකි shell වර්ග කීපයක්ම තිබේ

පරිගණකයෙන් යම් කිසි කාර්යයක් ඉටු කර ගැනීමේ දී බොහෝ අවස්ථා වලදී විධාන එකකට වැඩි ගණනක් නියමිත පිළිවෙළකින් යුතුව shell එක තුළ භාවිත කිරීමට සිදු වේ. නමුත් අදාළ කාර්යය කර ගැනීම සඳහා අවශ්‍ය විටෙක මේ විධාන පිළිවෙලින් මතකයේ මතක තබා ගැනීමත් යළි ස්මරණය කිරීමත් මිනිසාට අපහසු කාර්යයකි.නමුත් එම කාර්යය සිදු කිරීමට අවශ්‍ය විධාන සියල්ල එකින් එක පිළිවෙලින් ගොනුවක සටහන් කර තබාල අදාළ කාර්යය කර ගැනීමට අවශ්‍ය වූ විට එකී ගොනුව විවෘත කිරීමෙන්ම පමණක් අදාළ විධාන ස්වයංක්‍රීයව පිළිවෙලින් ක්‍රියා කරවිය හැකි නම් එය පරිශීලකට පහසුවක් වෙයි. shell script එකක් යනු මේ කියන ලද ආකාරයට යම් කිසි කාර්යයක් කර ගැනීමට අවශ්‍ය විධාන ඒවා ක්‍රියාත්මක විය යුතු අනුපිළිවෙළින් සටහන් කරන ලද සාමාන්‍ය පාඨ ගොනුවකි. මේ ක්‍රමය මගින් බොහෝ සෙයින් කාලය ඉතිරි කර ගත හැකි වේ.



shell script ලිවීම.

යම් කිසි කාර්යයක් ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය වන shell script පරිශිලකට ලිවිය හැකිය. මේ සඳහා අවශ්‍ය වන්නේ පාඨ ගොනු සංස්කරණය කළ හැකි මෘදුකාංගයක් පමණි. සාමාන්‍යයෙන් ලිනක්ස් පාරිසරිකය තුළ ජනප්‍රිය පාඨ සංස්කරණ මෘදුකාංගය වන්නේ vi එඩිටරයයිග චිත්‍රක අතුරුමුහුණතක් සහිත මෘදුකාංගයක් අවශ්‍ය නම් gedit හෝ kwrite භාවිත කළ හැකිය.

shell script එකක් ලියා අත්හදා බැලීම මූලික වශයෙන් පියවර තුනකිග එනම්:

1    පාඨ ගොනුවක් ලෙස script එක ලිවීම හා සුරැකීම (save)
2    එම ගොනුව ක්‍රමලේඛයක් ලෙස ක්‍රියාත්මක වන ආකාරයට සැකසීම (set executable permissions)
3    shell එක මත අත්හදා බැලීම

ඔබේ පළමු shell script එක.

අපගේ පළමු අත්හදා බැලීම වශයෙන් "Hello World” (ආයුබෝවන් ලෝවැසියනි) යන වැකිය තිරයේ දිස් කරවන සරල script එකක් ලියමු.

පළමුව ටර්මිනලය විවෘත කරගන්නග මේ සඳහා Alt+F2 යතුරුලියනය කර ලැබෙන කොටුවේ terminal ලෙස සඳහන් කොට Enter යතුර තද කරන්න. ඔබ KDE/ Kubuntu පාරිසරිකයක වැඩ කරන්නේ නම් terminal වෙනුවට konsole යන්න ලබා දෙන්න. ටර්මිනලයේ විධාන යතුරුලියනය කළ හැකි ස්ථානයේ දැක්වෙන / සලකුණෙන් දැක්වෙන්නේ ඔබ shell එකට පිවිස ඇති බව යිග

පහත දැක්වෙන විධානය ලබා දී නව පාඨ ගොනුවක් තුළ script එක ලියමු.

gedit myfirst.sh


පෙර කී පරිදි අවශ්‍ය නම් ටැාසඑ හැර වෙනත් ගොනු සංස්කරණ මෘදුකාංගයක් මෙහි භාවිත කළ හැකිය. myfirst.sh යනු අප විසින් ලියනු ලබන shell script එක සුරකින ගොනු නාමයයි. සාමාන්‍යයෙන් shell scripts හඳුනා ගැනීමේ පහසුව තකා ඒවා නම් කිරීමේ දී .sh ගොනු දිගුව (file extension) යොදා ගැනේ. එම දිගුව යොදා ගැනීම අත්‍යාවශ්‍ය නොවේ.

විවෘත වන පාඨ සංස්කරණ මෘදුකාංගය තුළ පහත දැක්වෙන පේළි යතුරුලියනය කරන්නග ගොනුව සුරැක (save) එය වසා දමන්න.

#This is my first shell script

clear

            echo “Hello World”

දැන් shell script එක ලියා අවසානයි. එය ක්‍රියාත්මක කරවීමට නම් පෙර ඡේදයේ දෙවැනි පියවරේ දක්වා ඇති ආකාරයටල ක්‍රියාත්මක වීය හැකි permissions ලබා දිය යුතුයි.  ඒ සඳහා ටර්මිනලය තුළ පහත දැක්වෙන විධාන ලබා දෙන්න.

chmod +x myfirst.sh

(myfirst.sh යනු ඔබ විසින් ලියූ shell script එක සුරකින ලද ගොනු නාමයයි)

දැන් script එක ක්‍රියාත්මක කරවමුග ඒ සඳහා ටර්මිනලයේ ./යතුරුලියනය කර shell script ගොනුවේ නම යතුරුලියනය කර සාමාන්‍ය විධානයක් සේ ලබා දෙන්න.

./myfirst.sh



ඔබ විසින් සියල්ල නිවැරදිව සිදු කළේ නම් ටර්මිනලයේ තිබූ සියළු දෑ මැකී ගොස් Hello World යන වැකියත්, ඊට පහළින් shell prompt එකත් දැක්වෙනු ඇති.



දැන්, අප විසින් ලියන ලද shell script එකෙහි අන්තර්ගතය පිළිබඳව මඳක් විමසා බලමු.

·         #This is my first shell script