Funding for 'IT Lab' Project, Phase 1: Progress of sticker sales. Purchase a sticker to help us reach our target.Updated: 2010-02-28 11:53
10.7%
ඊමේල් ෆෝවර්ඞ් කිරීමට පෙර...
Pravin Indranama

අද ලෝකයේ සන්නිවේදන මාධ්‍ය අතරින් ඊමේල් හෙවත් විද්‍යුත් තැපෑලට හිමිවන්නේ විශේෂ තැනක්. ඊමේල් භාවිතය කෙතරම් වැඩි වෙලාද කිව්වොත් සාමාන්‍ය තැපැල් හුවමාරු තුලින් සංසරණය වන පෞද්ගලික ලියුම් සංඛ්‍යාව ඉතාමත් අඩු අගයක ඇතැයි පැවසෙනවා. (මීට කෙටි පණිවුඩ - SMS භාවිතයත් එක් හේතුවක්) මීට අවුරුදු දෙකකට කලින් තිබුනාට වඩා දැන් ලංකාවේ අන්තර්ජාල සම්බන්ධතා සංඛ්‍යාව සිව්ගුණයක් තරම් ඉහල ගොස් ඇති නිසා අපේ ඊමේල් භාවිතයත් ඉතා වැඩියි.


නමුත් අවාසනාවකට වගේ වැඩි දෙනෙක් ඊමේල් වලින් නියම ප‍්‍රයෝජනය නොගන්නා අතරම තම ඊමේල් භාවිතය අනුන්ට කරදරයක් වන අයුරින් සිදුකරන බවකුත් දකින්න පුලූවන්. ඊමේල් භාවිතයේදී බොහෝදෙනා කරන වැරදි මොනවාද කියලා පාසැල් සිසුන් වන ඔබට වටහාදීමෙන් මෙය යම්තාක් දුරකට අනාගතයේදී නිවැරදි වනු ඇතැයි සිතුනු නිසා අද මේ ගැන ලියන්නට අදහස් කලා.
   

සාමාන්‍ය ලිපියකට වඩා ඊමේල් එක වෙනස් වන එක් ලක්ෂණයක් තමයි මේ ඊමේල් ෆෝවර්ඞ් කිරීම. අපිට එන ඊමේල් ලිපියක අන්තර්ගතය අපේ මිතුරෙකුටක් වැදගත් යැයි අපට හැඟුනොත් අපට පුලූවන් අර ලිපිය ඒ ආකාරයෙන්ම මිතුරාටත් යැවීමට. මෙය ෆෝවර්ඞ් කිරීමක් ලෙස හඳුන්වනවා. ඒ අර්ථයෙන් බැලූවාම මේක හොඳ දෙයක්නේ. එහෙනම් මොකක්ද මේකේ තියෙන නරක? ඒ ගැන කතා කරන්නට කලින් අපි ඊමේල් එකක් යැවීමේ ක‍්‍රියා පටිපාටිය ගැන සාකච්ඡා කරමු.

එකම ඊමේල් එක අපිට එකවර විශාල ලිපින සංඛ්‍යාවකට යැවීමට හැකි වීම ඊමේල් වල වැදගත් පහසුකමක්. මෙසේ යවන්නාගේ ලිපින වර්ග 3ට බෙදන්න පුලූවන්.

1. To
මින් අදහස් කරන්නේ ප‍්‍රධාන වශයෙන් ඊමේල් එක ලබන පුද්ගලයන් පිරිසයි. අප මේ To: ලිපින වෙත කීපදෙනෙකුගේ ලිපින ඇතුලත් කර ඊමේල් එක යැව්වොත් ඒ සෑමදෙනාටම මේ ඊමේල් එක ලැබුනු අනිත් අයගේ ලිපින බලාගන්නත් පුලූවන්.

2. CC
හෙවත් Courtacy/Carbon Copy. මෙහි ඇතුලත් වන්නේ ලිපියේ පිටපතක් ලබන අයගේ ලිපින ලයිස්තුවයි. ඔබ දැක ඇති රජයේ ආයතනයකින් එවූ ලියුම් වල පහලින් පිටපත්: කියලා තවත් කීපදෙනෙකුගේ නම් ලියා තියෙනවා. ක්‍ක්‍ යටතේ ලිපින යොදා ඇති අයටත් මේ ලිපිය ලැබූ අනිත් සියලූ දෙනාගේ ලිපින (To: වෙත හෝ CC වෙත) දැකගත හැකියි, වෙනස වන්නේ තමාට එවා ඇත්තේ කාබන් පිටපතක් බව ඔහුට දැන්වීමයි.

3. BCC
හෙවත් Blind Courtacy/Carbon copy. මෙයත් තවත් පිටපත් යැවීමේ ක‍්‍රමයක්. නමුත් මේ  පිටපත් ලබන්නන්ට මේ ඊමේල් එක ලැබූ අන් කිසිවෙකුගේ ලිපින (To: හෝ CC හෝ BCC:) බලාගන්නට බැහැ. ඔහුට පෙනෙන්නේ මෙය තමා ලැබූ පිටපතක් බව පමණයි.

වෙබ් අඩවි හරහා ලබාදෙන ඊමේල් සේවාවලදීත් ( Gmail" Yahoo" Hotmail), පරිගණකයේ පිහිටුවාගන්නා ඊමේල් වැඩසටහන්වලදීත් ( Outlook, Thunderbird, Live Mail) මේ තුන් ආකාරයටම (අවශ්‍ය නම් එකවර) විශාල පිරිසකට එකම ඊමේල් එක යවන්න පුලූවන්.

මෙය ප‍්‍රශ්ණයක් බවට පත්වෙන්නේ මෙහෙමයි. අපේ මිතුරන් බොහෝවිට ලස්සන පින්තූර, නැත්නම් කතාවක් ඇති ඊමේල් එකක් ලැබුනාම තමන්ගේ සියලූම මිතුරන්ට එව ෆෝවර්ඞ් කරනවා. නමුත් ඔවුන් වැඩිදුර කල්පනා නොකර ඒ සියලූ මිතුරන්ගේ ඊමේල් ලිපින ඇතුලත් කරන්නේ පෙර කී To: තීරය වෙතට. උදාහරණයක් විදියට අපි හිතමු ඔබේ මිතුරෙක් ඔබ ඇතුලූ තවත් 100 දෙනෙකුට එකම ඊමේල් එක ෆෝවර්ඞ් කර ඇතැයි කියා. දැන් අර 99 දෙනාටම ඔබේ ලිපිනය බලාගන්න පුලූවන්. ඒ 99 දෙනාම ඔබ හඳුනන අය නෙමෙයිනේ. ඒ නිසා ඔබේ ලිපිනය නාඳුනන කෙනෙක් අතට පත්වීමේ අවදානමක් තියෙනවා. දැන් ඒ 99 දෙනාත්, එක් අයෙක් තවත් 100 දෙනෙකුට ඒ මේල් එක ෆෝවර්ඞ් කලොත් ඔබ නාඳුනන තවත් කීදෙනෙක් අතට ඔබේ ඊමේල් ලිපිනය යනවද?

අන්තර්ජාලයේ ඉන්නවා මේ විදියට ෆෝවර්ඞ් වෙන ඊමේල් වලින් ඊමේල් ලිපින එකතු කරන අය. ඔව්න් මේ විදියට ලිපින එකතු කරලා ඇඞ්වර්ටයිසිං ආයතන වලට විකුණලා මුදල් හම්බුකරගන්නවා. මේ ඇඞ්වර්ටයිසිං ආයතන ඊට පසු අර ලිපින වලට වෙළඳ දැන්වීම් එවන්නට පටන් ගන්නවා. ඔබට කරදරයක් වෙන තරමටම. ඒ මගින් තමයි ඔවුන් මුදල් සොයන්නේ. දැන් තේරෙනවා නේද ඔබට විවිධ special offer ගැන කියමින් නාදුනන අයගෙන් ඊමේල් වෙළඳ දැන්වීම් එන ආකාරය? ඒ වගේම ඔබේ ඊමේල් ලිපිනය විකුණමින් තවත් පිරිසක් මුදල් හම්බුකරන ආකාරය?

ඒ විතරක් නෙමෙයි, ඔබේ ඊමේල් ලිපිනය දැනගත් විට ඔබ ගැන ඉතිරි විස්තර දැනගන්න බොහොම ලේසියි. ඒ ඊමේල් ලිපිනයෙන් ලියාපදිංචි වී සිටින සමාජ ජාලයක් තුලින් (උදා: Face book) ඔබ ගැන විස්තර සොයාගන්නට පුලූවන්.

මේ විදියට බැලූවාම ඔබ වරදක් නොකලත් ඔබේ ලිපිනය වෙන අයගේ අතට යන්න්‍ට පුලූවන්, මිතුරන් ඔබේ ලිපිනයට ඊමේල් ෆෝවර්ඞ් කිරීම මගින්. එහෙනම් කොහොමද මේකෙන් බේරෙන්නේ? ඊමේල් භාවිතා නොකර ඉඳීමෙන්ද? අපොයි නැහැ. ඊමේල් භාවිතා නොකර ඉන්නට බෑ වගේම එය කිසිසේත් විසඳුමකුත් නෙමෙයි. ඔබට පුලූවන් දන්නා අඳුනන හැම දෙනාටම මෙය වටහා දෙන්න. තමන්ගේ ක‍්‍රියා කලාපය හේතුවෙන් අනුන්ටත් කරදරයක් වන බව ඔවුන්ට පහදා දෙන්න. ඒ වගේම වැදගත්ම දේ තමයි, නිකරුනේ වැඩකට නැති ඊමේල් ෆෝවර්ඞ් නොකරන ලෙසත්, ෆෝවර්ඞ් කල යුතුම ලිපි BCC වෙත ලිපින යොදා ෆෝවර්ඞ් කිරීමටත් ඔවුන්ට කියාදෙන්න. ඉන් ඊමේල් ලිපින අන් අයගේ අතට යාම වලකිනවා.

අපේ අය ෆෝවර්ඞ් කරන්නේ මේ වගේ ලස්සන පින්තූර තියෙන ඊමේල් විතරක් නෙමෙයි. ඔබ ඇතැම්විට දැක ඇති ”ශල්‍යකර්මයකට ආධාර පිණිස මේ ඊමේල් ලිපිය ෆෝවර්ඞ් කරන්න, මෙය ෆෝවර්ඞ් කරන වාරයක් පාසා අදාල ගිණුමට ශත ගණනක් එකතු වෙනවා” වගේ කියලා තියෙන හැඟීම්බර ඊමේල් ලිපි. මෙය දැකලා අනුකම්පා කරන බොහෝදෙනෙක් මේවා ෆෝවර්ඞ් කරනවා හැමෝටම. මතක තියාගන්න ඊමේල් ෆෝවර්ඞ් කිරීම වෙනුවෙන් කිසිදු ඊමේල් සමාගමක් සල්ලි ගෙවන්නේ නැහැ. ඊමේල් වැඩි වැඩියෙන් ෆෝවර්ඞ් වෙනවා කියන්නේ ඔවුන්ට තවත් අමතර වියදමක් විතරයි. ඒ නිසා මෙවැනි ලිපිත් අර කලින් පැවසූ ඊමේල් ලිපින මුදලාලිලාගේ ම නිර්මාණයන්. දකින  ඕනෑම කෙනෙකුට අනුකම්පාව නිසාම ෆෝර්වර්ඞ් කරන්න හිතෙන මෙවැනි ඊමේල් අවුරුද්දක් පමණ එහාට මෙහාට ෆෝවර්ඞ් වීමෙන් ඊමේල් ලිපින ලක්ෂ ගණනක් එකත් කරගන්න පුලූවන්.

ඒ වගේම chain email letters ගැනත් ඔබ අසා ඇති. ඊමේල් එන්නට කලින් මෙය සිදුවුනේ සාමාන්‍ය තැපැල් හරහා. chain email letter එකක් කියන්නේ ”මෙම ලිපිය තවත් xx ගණනකට යැව්වේ නැතිනම් ඔබට අහවල් විපතකට මුහුණ දෙන්නට සිදුවේවි” නැත්නම් ”වාසනාව උදාකරගන්න මේ ලිපිය xx ගණනකට ෆෝවර්ඞ් කරන්න” යනාදී ලෙස සඳහන් ලිපි. ඊමේල් හරහා මෙවන් ලිපි පැමිණි විට පෙර ආකාරයටම අපේ අය ලිපින පොතේ ඇති සියලූ දෙනාටම ෆෝවර්ඞ් කරනවා. තවත් chain email letters වර්ගයක් තමයි ”අහවල් සමාගමෙන් ලබාදෙන මේ දෙෙැර එක ලබාගැනීමට නම් මේ ලිපිය xx ගණනකට ෆෝවර්ඞ් කරන්න, සහ අපේ සමාගමේ ලිපිනය වන xxxx@xxxx.com ලිපිනයටත් පිටපතක් එවන්න” කියලා සඳහන් ලිපි. මේ දෙවැනි වාක්‍යයෙන්ම පේනවා හොරකමක් බව. මොකද අපි අපේ ලිපින පොතේ ඇති ඊමේල් ලිපින 100ක් සමග අර ලිපිනයටත් To: තීරුවේ ෆෝවර්ඞ් කල විට නිකන්ම අර ලිපින 100ම සමාගමේ යැයි කියාගන්නා ලිපිනයටත් යනවා. මේවා සමාගමේ ඊමේල් ලිපිනය යැයි කීවත් බොහෝ විට නිල ලිපිනයක් නොවෙයි. ඉතින් ඒ ලිපිනයේ අයිතිකරුට (මේ මේල් එක නිර්මාණය කල පුද්ගලයාට) නිකංම ඊමේල් ලිපින බර ගාණක් එකතු කරගන්න පුලූවන්. වැදගත්ම දේ තමයි මෙවැනි සමාගම් කිසිදාක තම ඊමේල් හරහා ලබා නොදෙන බව දැනගැනීම. එබන්දක් ඇත්නම් ඒවා සිදුකෙරෙන්නේ ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා පමණයි. කිසියම් සැකයක් ඇත්නම් ඔවුන්ගේ වෙබ් අඩවියට ගොස් සොයාබැලිය හැකියි.

අන්තර්ජාලයේදී ඊමේල් ලිපින එකතු කර විකිණීම කියන්නේ ලොකු ජාවාරමක්. ඒ වගේම ඊමේල් ඇඞ්වර්ටයිසිං කියන්නේ තවත් ජාවාරමක්. ඉවක්බවක් නැතිව To: තීරුවේ ඊමේල් ලිපින දමා ෆෝවර්ඞ් කිරීමෙන් ඒ පුද්ගලයන්ට පහසුවෙන්ම තම ජාවාරම කරගෙන යාමට ඉඩකඩ අපවිසින්ම සලසනවා. දැන් ලංකාවේ පුද්ගලයන් කීපදෙනෙකුත් මේ ජාවාරමට අතගසා තිබෙනු දැකීම කණගාටුවට කරුණක්.

ඔබ කල යුත්තේ මේ පිලිබඳව දැනුවත් වීමෙන් අන්තර්ජාලය තුල තම අනන්‍යතාවය වගේම පුද්ගලිකත්වයත් ආරක්ෂාකර ගැනීමයි. එමෙන්ම ඒ පිලිබඳව දන්නා අයටද කියාදීමයි.







Post new comment

  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Allowed HTML tags: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Lines and paragraphs break automatically.

More information about formatting options