
Techkatha
06/30/2009 12:07 am By Kalinga Athulathmudali | Articles: 1
Techkatha නැතහොත් ටෙක්කතා යනු ඕනෑම ආකාරයේ තාක්ෂණික ගැටළුවක් සඳහා පිළිතුරු සපයා දෙන, තාක්ෂණික පුවත් හා නව සොයාගැනීම් පිළිබඳව හෙළිදරව් කරන පොඩ්කාස්ටින් (Podcasting) හා සිංහල බ්ලොග් මුසුවක් ලෙස පරිශීලකයින් වෙත එන වෙබ් අඩවියකි. බ්ලොග් රේඩියෝවක් ලෙසද එය හැඳින්විය හැකිය.
පරිගණක වේවා අන්තර්ජාල පරිශීලනයේදී වේවාල මෘදුකාංග හෝ දෘඩාංග භාවිතය සම්බන්ධයෙන් පැන නගින ගැටළු, ජංගම දුරකථනයල රූපවාහිනිය මෙන්ම නව සන්නිවේදන
හි පවතින ගැටළු මේ ආකාර බහුවිධ තාක්ෂණ ගැටළුවලින් වත්මන් සමාජයේ විවිධ පිරිස් පෙළෙන බව නොරහසකි. ඇතැමුන් දන්නා බව පෙන්වමින් තවත් අය මුලාවේ හෙළන අතරල නිවැරදි අවබෝධයක් දැක්මක් ලබා ගත නොහැකිවීමෙන් බොහෝ දෙනා තාක්ෂණයෙන් උපරිම ඵල නෙලාගැනීමට නොහැකිව පසුවෙති. අක්රමවත් පාඨමාලා හා ලිපි ලේඛන ආශ්ර යෙන් අසම්පූර්ණ දැනුමක් අසංවිධිත ලෙස සමාජයට ගලා ඒමේ ප්රිවණතාව බහුල සමයක අපි සිටිමුග ටෙක් කතා බිහි වන්නේ තමන්ගේ දැනුම අන් යහපත සඳහා යෙදවීමේ
දැනුණු එවන් මොහොතක ඇතිවුණු සාකච්ඡාවක
ලෙසිනි.

කාලිංග ඇතුළත්මුදලි, බුද්ධික ජයසිංහල තිළිණ ගුණසේකර හා හර්ෂදේව ආරියසිංහ ටෙක් කතා ආරම්භ කිරීමේ නියමුවෝ වෙති. ඔවුන්ගේ ආරාධනයෙන් මලින්ත සමරකෝන් සිය සහය මෙම වැඩ පිළිවෙල වෙත ලබා දෙයි.
කාලිංග ඇතුළත්මුදලි - ජාලකරණය පිළිබඳ වසර 12ක ප්රවීණත්වයක් දරයි.ගුවන් විදුලි සන්නිවේදනය සම්බන්ධ වඩාත් උනන්දුවක් දක්වන, ඒ ආශ්රිත වැඩ මුළු හා වැඩසටහන් සඳහා සහභාගී වන අතර, ටෙක්කතා හි ද ප්රධානත්වය ගෙන ක්රියා කරයි.
බුද්ධික ජයසිංහ - වෘත්තියෙන් මෘදුකාංග සැලසුම් ශිල්පියෙකු ලෙස කටයුතු කරයි. තොරතුරු තාක්ෂණ
වසර 07ක පලපුරුද්ද හා ජංගම දුරකථන මෘදුකාංග සංවර්ධනයේ සිව් වසරක අත්දැකීම් සහිත වන අතර Mobile Computing/Technologies, Embedded Systems, Software Localization පිළිබඳව වඩාත් රුචියක් දක්වයි.
තිළිණ ගුණසේකර - කණ්ඩායමේ ලාබාලම සාමාජිකයා වන අතර වෙබ් වැඩසටහන් නිර්මාණකරණයේ නියැලී සිටියි. පරිගණක ක්රීඩා කණ්ඩායමක සාමාජිකයෙකි.
හර්ෂදේව ආරියසිංහ - පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙකි. පරිගණක ක්රීඩා කණ්ඩායමක සාමාජිකයෙකි.
මේ සුසංයෝගයෙන් බිහි වූ ටෙක්කතා එහි ආරම්භයේ පටන්ම අධ්යාොපනික කේෂ්ත්ර්වල විද්යාරර්ථීන්, ආචාර්යවරුන් සහ වෙනත් සාමාන්යය ජීවිතයේදී මෙන්ම වෘත්තීය කටයුතුවලදී තාක්ෂණික ගැටළුවලට මුහුණ දෙන සෑම වයස් කාණ්ඩයකම සියලුම දෙනාටම විවෘත වු අත්දැකීමක් වීම විශේෂත්වයකි.
වෙබ් අඩවියට එක් කරන ලද මුල් වැඩසටහන් සතියකට වරක් පටිගත කර පරිශීලකයින් හට ලබා දුන් අතර, මාස කිහිපයක් ගතවීමේදී වෙබ් අඩවිය මගින් දියත් කළ චැට් කාමරයක් තුළට සජීවී අත්දැකීමක් ලබා දෙමින් සාකච්ඡාව සිදුවන මොහොතෙහිම විකාශය ද සිදු කරන්නට කණ්ඩායම කටයුතු කළහ.
ටෙක් කතාවල විශේෂත්වය වන්නේ එය සෑම සියලු ආකාරයකින්ම මිත්රළශීලී ලෙස පරිශීලකයා වෙත ළඟා වීමට කටයුතු කර තිබීමයි. නිදසුන් දක්වතොත් ටෙක්කතා වෙත ප්රරශ්න යොමු කිරීමේදී ස්කයිප් ඇමතුම්, ගූගල් ටෝක් වැනි පණිවිඩ ක්ර්මවේද හරහා මෙන්ම, ටෙක්කතා වෙබ් අඩවියේ ඇති ආකෘති පත්ර ය පිරවීම මගින්, දුරකථනය මගින්, විද්යු්ත් තැපෑලෙන් ද නැතිනම් සජීවී පටිගත කිරිම සුදුවන සෑම සිකුරාදාවකම සවස 7ග00 සිට ටෙක්කතා චැට් කාමරය(http://techkatha.com/chat) හරහා යන ඕනෑම ආකාරයකින් කෙනෙකුට සිය ගැටළු ඉදිරිපත් කළ හැකිය. එහි අනෙක් විශේෂත්වය වන්නේ යුනිකෝඩ් සිංහල භාවිතයෙන්, ඉංග්රීනසියෙන් හෝ සිංග්රීරසියෙන් සිය ගැටළු ඉදිරිපත් කළ හැකිවීමයි. භාෂා බාධකය නොතකා හරිමින් සෑම තරාතිරමකම ඕනෑම අයෙකුට නවීන තාක්ෂණයේ දොරගුළු විවර කර දීම කණ්ඩායමේ අරමුණ වන හෙයිනිග එමෙන්ම ටෙක්කතා පටිගත කරන ලද වැඩසටහන්ල ඉතා අඩු ගුණාත්මක අන්තර්ජාල සබඳතා සඳහා වෙනමම හා පුළුල් පරාස අන්තර්ජාල සේවා භාවිත කරන්නන් සඳහා වෙනමම වශයෙන් වැඩ සටහන් දෙකක් ලෙස ලබා දෙයි. තවදල පරිගණකයක් නැති අයෙකුට හෝ පරිගණකයක් නොමැති ස්ථානයකදී වුවද ටෙක්කතා ජංගම දුරකතන වෙබ් අඩවිය http://m.techkatha.com) ඔස්සේද ජංගම දුරකතන මගින් සවන්දීමට ගැකිය. සමාජයේ සියලු දෙනාට සමීප විය හැකි වන සේ ටෙක්කතා ඉදිරිපත් කිරීම සඳහා කණ්ඩායම නිරන්තරයෙන් සිය අවධානය යොමු කර සිටී.
මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ ටෙක්කතා කණ්ඩායම කිසිදු මූල්යිමය ලාභයක් අපේක්ෂාවකින් තොරව සම්පූර්ණයෙන්ම නොමිලයේ සිදු කරන සේවාවක් වීමයි.



All the best
you Guyz are doing a fantastic job...
all the best machanla...
may triple gem bless you...
:-)
Post new comment