වෙබ් අඩවි නිර්මාණය

by Rahula Samaranayake

වදන් සැකසීම සඳහා යොදා ගන්නා ටැග (text formatting tags)

ටැගය
 
< b >   තද අකුරු
.< i >    ඉතාලි අකුරු
< big > විශාල අකුරු
< small > කුඩා අකුරු
< strong > දැඩි අකුරු
< em > අවධාරණය කළ අකුරු
< sup > අකුරු ඉහළින් ලිවීම
< sub > අකුරු පහළින් ලිවීම

උදා : පහත දැක්වෙන වෙබ් පිටුව නිර්මාණය කරන්න.

< html >
        < body >
                < b > My School < lb >
                < br >
                < strong > Western province < l strong >
                < br >
                < big > Information and communication technology </ big >
                < br >
                        < i > o/l examination </i>
                        < br >
                        < small > Good results </i>
                        < br >
                           H   < SUB> 2 </ SUB> 0
                           6. 023 X 10 <SUP > 23 </ SUP>
             </ body >
             </ html >

වෙබ් පිටුවේ චලනය වන වදන් පෙළක් දර්ශනය කර ගැනීම සඳහා < marquee >ටැගය යොදාගත හැක. < marquee > ටැගය සඳහා අවසාන ටැගයක් අවශ්‍ය නොවේ.

(HTML) යොදා ගනිමින් වගු නිර්මාණය කිරීම

වෙබ් පිටුවේ අන්තර්ගතය වඩාත් සැලසුම් කර දැක්වීම සඳහා වගු නිර්මාණය කිරීමේ හැකියාව HTML සතු වේ. බොහෝ විට පිටුවක ඇති දෑ පුවත්පතක මෙන් තීරු 2 කට දැක්වීමට අපට අවශ්‍ය විය හැක. මේ සඳහා දාර රහිත වගු (tables without boder) ප‍්‍රයෝගයක් ලෙස යොදාගත හැක. වගුවක් සාදාගැනීම සඳහා යොදාගත යුතු (HTML) ටැගය වන්නේ < table >ය.

HTML වගුවක් පෙළ (rows)වලට වෙන් කරන අතර සෑම පෙළක්ම දත්ත කෝෂ (data cells) වලට නැවතත් බෙදා දක්වනු ලබයි. වගුවක ඇති කෝෂයක වදන්Times New Roman රූප(images), ලැයිස්තු (lists), ෙඡ්ද(paragraphs) , පෝරම(forms) සහ තිරස් රූල් (horizontal rules)වැනි දෑ ඇතුළු කළ හැක. මීට අමතරව කෝෂයක් තුල අවශ්‍ය වන්නේ නම්, තවත් වගුවක් වුව ද ඇතුළු කිරීමේ හැකියාව පවතී.

වගුවක් සෑදීම සඳහා යොදා ගන්නා ටැග

ටැගය අරමුණ
< table > වගුව අර්ථ දක්වයි.
< th > වගුවේ ශීර්ෂය (head) අර්ථ දක්වයි.
<  tr  >    වගුවේ පෙළ (rows) අර්ථ දක්වයි.
< td > වගුවේ එක් එක් පෙළෙහි කෝෂ :ජැකකි* අර්ථ දක්වයි.
< caption > වගුවේ කැප්ෂනය(caption)අර්ථ දක්වයි.
< col > වගුවක ඇති තීරු (columns)1 ක හෝ වැඩි ගණනක උපලක්‍ෂණ
(attribute values) අර්ථ දක්වයි.
< colgroup > වගුවක තීරු කාණ්ඩ (group of columns) අර්ථ දක්වයි.
< thead > වගුවේ හිස (head) අර්ථ දක්වයි.
< t body > වගුවේ කඳ කොටස (body) අර්ථ දක්වයි.
< t foot > වගුවේ පාදකය (footer) අර්ථ දක්වයි.


ලැයිස්තු (List)

HTML වලදී යොදාගත හැකි ලැයිස්තු වර්ග කිහිපයකි.
1. අංකය ලැයිස්තු (ordered lists)
2. බුලටමය ලැයිස්තු (unordered lists)
3. අර්ථ දැක්වීම් ලැයිස්තු(definition lists)

ලැයිස්තු සඳහා භාවිතා වන ටැග

ටැගය අරමුණ
< 01 >  අංකමය ලැයිස්තුවක් අර්ථ දක්වයි.
< ul >    බුලටමය ලැයිස්තුවක් අර්ථ දක්වයි.
< li >  ලැයිස්තු අයිතමයක් (item) අර්ථ දක්වයි.
< de >   අර්ථ දැක්වීම් ලැයිස්තුවක් අර්ථ දක්වයි.
< dt > අර්ථ දැක්වීම් පදයක්(term) අර්ථ දක්වය
< dd >   අර්ථ දැක්වීමක් විස්තර කරයි.

ප‍්‍රථමයෙන් අංකමය ලැයිස්තුවක් සාදාගන්නා ආකාරය සලකා බලමු. මේ සඳහා යොදාගන්නා ටැග වන්නේ< 01 > සහ < li >  යන ඒවාය.


ලැයිස්තු අයිතමයක් තුළ ඔබට අවශ්‍ය නම් ෙඡ්දයක්, පෙළ විරාමයක් (line break) රූප(images) සබැඳි (links), සහ අනෙකුත් ලැයිස්තු වැනි දෑ ඇතුළු කිරීමේ හැකියාව ඇත.

බුලටමය ලැයිස්තු(Unorderd list)

මෙවැනි ලැයිස්තුවක අයිතම බුලට (bullets) මඟින් පෙන්වයි. සාමාන්‍යයෙන් කුඩා කළු පැහැති වෘත්තයක් (black circle) බුලට ලෙස යොදාගනී. මෙවැනි ලැයිස්තු අර්ථ දැක්වීම සඳහා <ul> සහ < li> ටැග යොදා ගනී.

පහත HTML ලේඛය අධ්‍යයනය කරන්න.

< HTML >
                        < HEAD >
                                    < TITLE > unorderd list </ TITLE >
                        </ HEAD >
                        < BODY >
                                    < UL >
                                    < Li > RAM <lli >
                                    < li >  ROM </ li>
                                    </ ul >
                        </ BODY >
                        </ HTML >

අංකමය හා බුලටම ලැයිස්තු අයිතම ලැයිස්තු ගණයට වැටේ.

බුලටම ලැයිස්තුවක ද අංකමය ලැයිස්තුවක මෙන් ලැයිස්තු අයිතමයක් තුළ ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ඇතුළු කළ හැක.

අර්ථ දැක්වීම් ලැයිස්තු (Definition list)

අර්ථ දැක්වීම් ලැයිස්තු අයිතම ලැයිස්තු ගණයට අයත් නොවේ. මෙය පද කිහිපයකින් සහ ඒවායේ පැහැදිලි කිරීම් අඩංගු ලැයිස්තුවකි. අර්ථ දැක්වීම් ලැයිස්තුවක් සඳහා යොදාගන්නා ටැග වන්නේ< dl > , < dt > , < dt > < dd > ය. < dl > ටැගය සමඟ ආරම්භ වන අර්ථ දැක්වීම් ලැයිස්තුවක පදයක් සඳහා <dt > ටැගය ද, පැහැදිලි කිරීම සඳහා < dd > ටැගය ද යොදා ගනී.

       
to be continued next month…


 


Previous Article

Share/Save
No votes yet

Post new comment

CAPTCHA
This question is for testing whether you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.